. මිනුවන්ගොඩ නාලන්දාවට ඉනිමක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
මිනුවන්ගොඩ නාලන්දාවට ඉනිමක ජයක්
2019-01-10 17:20:42 | .


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කොට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 86 ක ජයක් හිමිකර ගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලය සමත්විය. මෙම තරගය දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිත්තෙන් දස්කම් දැක්වූ සසිඳු සඳරුවන් (118) ශතකයක්ද, තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ කවිඳු මදුරංග කඩුලු 8 ක් සහ චානක සමීර කඩුලු 7 ක් දවාගනිමින් මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ශා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී ලකුණු 111
(දේශාන් පෙරේරා 37, තරින් ගිමිහාන් 28, චානක සමීර 14/4, කවිඳු මදුරංග 35/3, නිමේෂ් ප්‍රභාෂන 15/2)

නාලන්ද මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 92 කදී සියලුදෙනා දැවී ලකුණු 412
(සසිඳු සඳරුවන් 118, නදුන් කල්හාර 60, දසුන් අචිර 52, කවිඳු මදුරංග 50, ජනිත් මුතුගල 35, සලිඳු මල්මිණ 23, සකිත් පෙරේරා 106/5, ජනිත් පෙරේරා 76/2)

ශා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 62.5 කදී සියලුදෙනා දැවී ලකුණු 215
(අශේන් චමුදිත 138, ආදිත්‍ය සූරියබණ්ඩාර 20, කවිඳු මදුරංග 81/5, චානක සමීර 73/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...