. එළියකන්ද තරණය පෙබරවාරි 17 වැනිදා | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 24 වැනි බදාදා
එළියකන්ද තරණය පෙබරවාරි 17 වැනිදා
2019-01-16 17:06:46 | ශානුක අරවින්ද

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 22 වැනි වරටත් සංවිධානය කරන ‘එළියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පෙබරවාරි මස 17 වැනිදා පෙරවරු 8.00 සිට මාතර බ්‍රවුන්ස් කන්ද කේණ්ද්‍ර කොටගෙන පැවැත්වේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය විසින් ජාතික ශූරතාවලිය සඳහා නම් කරන ලද තරගාවලියක්ද වේ. 

මීටර් 800 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැත්වෙන මෙම තරගාවලිය මෝටර් රථ ඉසව් 14 කින් සහ යතුරුපැදි ඉසව් 8 කින් සමන්විත වේ. මේ වන විට මෝටර් රථ රියැදුරෝ සහ යතුරුපැදිකරුවෝ 150 ක් පමණ එම ඉසව් සඳහා ලියාපදිංචි වී සිටිති. 

සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර එහිදි අඩුම වේලාවකින් තරගය නිමා කරන මෝටර් රථ ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙසත්, අඩුම වේලාවකින් තරගය නිමා කරන යතුරුපැදි ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙසත් සම්මාන ලැබීමට නියමිතය. 

ඉකුත් වසරේදී (2018) පැවැති එළියකන්ද තරණයේදී නව වාර්තාවක්ද පිහිටුවමින් දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ‘එස්.එල්.එෆ්.’ කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගයට සහභාගි වූ ඩිලාන් සෙනෙවිරත්න සමත් විය. එහිදී ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා වැය වූ කාලය තත්පර 32.422 කි. 

එම වසරේදී අඩුම කාලයකින් (තත්. 35.076 කින්) තරග වටයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගනු ලැබුවේ දුෂාන් මුදලිගේ විසිනි. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ ‘එස්.එම්.’ කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය ජය ගනිමිනි. 

මේ වන විට තරගාවලිය සඳහා අයැදුම්පත් කැඳවා ඇති අතර අංක ‘55, කුමාරතුංග මාවත, මාතර’ හෝ ‘මාබල් ඩෙකර්, 175, නාවල පාර, නුගේගොඩ’ යන ලිපිනයට අයැදුම්පත් යොමු කිරීමෙන් මෙන්ම http://smsc.lk/downloads.html  යන විද්‍යුත් තැපෑල ඔස්සේ ලියාපදිංචි වීමෙන්ද තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාකරගත හැකිය. 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...