. පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති
2019-01-17 05:20:22 | .


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භ වූ තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම, කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.  


පළමු දිනය සඳහා අද තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 38 ක් ලබා
ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායමට වඩා ලකුණු 278 ක් පසුපසින් සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද, ළහිරු තිරිමාන්න හතරේ පහරක් සමග ලකුණු 12 ක්ද ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායමේ මුල් කඩුලු 5 ක් ලකුණු 98 ක් තුළ බිඳවැටුණ අතර එතැන් පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොබියව මුහුණදුන් කර්ටිස් පැටර්සන් (නොදැවී 157) සහ ජේක් ඩෝරන් (නොදැවී 102) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 218 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 212 කට මුහුණදුන් පැටර්සන් හයේ පහරකින් සහ හතරේ පහර 21 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 129 කදී වාර්තා වූ ඩෝරන්ගේ ශතකයට හතරේ පහර 12 ක් අන්තර්ගත විය. 

මුලු ලකුණු සංඛ්‍යාව 11 ක් වන විට ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ජෝ බර්න්ස් පිටියෙන් ඉවත් කිරීමට කසුන් රාජිත සමත් වූ අතර ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට බර්න්ස් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. බර්න්ස්ගේ දැවීයෑමෙන් පසුව ඕස්ට්‍රේලියානු  ලකුණු පුවරුවට තවත් ලකුණු 14 ක් එක්වන විට මානස් ලැබුස්චේන් (6) සහ මැතිව් රැන්ෂෝ (7) ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දුෂ්මන්ත චමීර සමත් විය. 

ඉන් අනතුරුව විල් පුකොව්ස්කි (23) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කර්ටිස් පැටර්සන් සමත් වූ අතර දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩ පන්දුවක් දෙමින් පුකොව්ස්කි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි 19 හැවිරිදි ලාබාල ක්‍රීඩක ජේසන් සංගාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් උදා නොවූ අතර ලකුණු 3 ක් ලබා සිටියදී රාජිතගේ පන්දුවක් හමුවේ චමීර අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය. ෙ

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...