. ආසියානු සත් සාමාජික තුන්වැනි අදියර කොළඹදී | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ආසියානු සත් සාමාජික තුන්වැනි අදියර කොළඹදී
2019-01-18 18:10:10 | මොහාන් ප්‍රනාන්දු

ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙයි. ආසියාවේ දැවැන්තම රග්බි ඉසව්වටක් වන මෙම තරගාවලියට ශ්‍රී ලංකා රග්බි ආයතනය සත්කාරකත්වය ලබා දෙන පස්වැනි වසර මෙය වේ.

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවරදී සහ චීනයේ හුයිෂූ නුවරදී ආසියානු රග්බි තරගාවලියේ අනෙක් අදියර තරග පැවැත්වේ. මීට පෙර තරගාවලියේ පළමු අදියර සඳහා සත්කාරත්වය ලබාදෙමින් සිටි හොං කොං මෙවර ඉන් ඉවත්වූයේ සිය රටෙහි පැවැත්වෙන දේශීය රග්බි තරගාවලියට වැඩි අවධානයක් යොමු කිරීමේ අදහසිනි.

මේ අතර පසුගිය වසරේදී සත් සාමාජික රග්බි ක්‍රීඩාවට වැඩි අවස්ථාවක් ලබාදෙමින් 15 සාමාජික රග්බි ශුරතාවලියේ පළමු කොටසේ තරගාවලියට එක්නොවූ ශ්‍රී ලංකාව ආසියානු රග්බි සංගමය සමග සාර්ථකව සාකච්ඡා කිරීමෙන් පසුව  මේ වසරේදී නැවත එම ශූරතාවලියට එක්වීමේ අවස්ථාව උදාකරගත්තේය. ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, චීන තායිපේ සහ පිලිපී්නය මේ වසරේ මැයි හෝ ජූනි මාසයේ චීන තායිපේහි නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු ශූරතාවලියට ක්‍රීඩා කරති.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීන තායිපේ හී පැවැති අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන රග්බි තරගාවලියේදී ලද පරාජය නිසා සුපිරි තරගාවලියේ සිට පළමු කොටසේ තරගාවලියට පසුබෑ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල තායිලන්තය, පිලිපීනය සහ චීනය සමග මේ වසරේදී පළමු කොටසේ තරගාවලියට ක්‍රීඩා කරයි.

ආසියානු රග්බි සංගමය එම තරගාවලිය සඳහා මෙතෙක් ක්‍රීඩාංගණයක් නම් කර නොමැති අතර බොහෝ විට එය ලබන දෙසැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වනු ඇත.

අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි ශූරතාවලිය ලබන අගෝස්තු මාසයේ 24 සහ 25 දෙදින කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වෙන අතර ඒ සඳහා මෙතෙක් කිසිම රටක් නම් කර නොමැත.

වසර 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගන්නා තරගාවලිය කොරියාවේ පැවැත්වීමට නියමිත අතර එහි කාන්තා තරගාවලිය චීනයේ පැවැත්වෙනු ඇත.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...