. ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදති | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදති
2019-01-18 20:45:26 | ..
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. බ්‍රහස්පතින්දා (ජනවාරි 17) බීබීසි සිංහල සේවය සමග (ෆේස්බුක් ඔස්සේ) සජීව සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. 
 
"මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා," අමාත්‍යවරයා බී.බී.සී. සේවයට කියා තිබේ. 
 
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාට ම අල්ලස් දීමට පුද්ගලයන් උත්සහ කිරීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති දූෂිත තත්ත්වයේ බරපතළකම පෙන්නුම් කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. 
 
"මේක මම ඊයේ (ජනවාරි 16) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියාට ලබා දුන්නා, එතුමා ඔළුවේ අත තියා ගත්තා."
 
"මමත් ඔළුවේ අත තියාගත්තා මේක මට ආපු වෙලාවේ, මම හිතුවා මේක මට ආපු ලණුවක් ද කියලා මාව අල්ලගන්න, මම හිතන්නේ නැහැ මේවා ලංකා ඉතිහාසයේ කවදාවත් වුණ දේවල් කියලා," අමාත්‍යවරයා බී.බී.සී. සේවයට පවසා තිබිණ. 
 
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හෙළිකර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලබා දුන් 'පොදු සමා කාලය' සාර්ථක බවද පවසා ඇති ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා  ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිතයන්ට දඬුවම් දීම සඳහා පනතක් මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ප්‍රකාශ කර තිබේ. 
 
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් අතුරු කමිටු පත්කිරීමට දැක් වූ අකැමත්ත හමුවේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම යටතේ ක්‍රිකට් අතුරු කමිටුවක් පිහිටුවීමේ තම අදහස වෙනස් කිරීමට සිදු වූ බව ද අමාත්‍යවරයා එහිදී කියා තිබේ. 
 
"ක්‍රිකට් නිලවරණය තියෙනවා, ඒකට උඩින් ක්‍රිකට් ව්‍යවස්ථා කමිටුවක් අපි දානවා. ඒක පාර්ලිමේන්තුවේ පනතක් හැටියට සම්මත කරගන්නවා. ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන්න."
 
මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි හිටපු නායකයන් දිගින් දිගට ම පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම, තම අරමුණ බවද  අමාත්‍යවරයා කියා සිටියේය.
 
ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බවද ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබේ. 
 
 
බී.බී.සී. සිංහල සේවය අනුග්‍රහයෙනි
මුල් ලිපිය සඳහා https://www.bbc.com/sinhala/sport-46909651 වෙත පිවිසෙන්න
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...