.jpg)



.
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ මොරටුව මෙතෝදිස්ත උසස් පාසල සහ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල අතර පොරගෙදර ක්රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මෙතෝදිස්ත උසස් පාසල සමත් විය.
එහිදී මෙතෝදිස්ත උසස් පාසලේ චමත්ක සඳගොමි ලකුණු 56 ක් රැස්කරමින් සහ ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
කන්නංගර විදුහල වෙනුවෙන් අෂාන් මගාරච්චි (72) සහ ගිම්හාන කුමාර (58) ද, මෙතෝදිස්ත උසස් පාසල වෙනුවෙන් දිලිප් කුමාර (63) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලු දෙනා දැවී 246
(අෂාන් මගාරච්චි 72, ගිම්හාන කුමාර 58, පසිඳු කුමාර 35, නීරෝග සත්සර 26, ඉමේෂ් ප්රනාන්දු 53/5, සිතුම් සිල්වා 24/2)
මෙතෝදිස්ත උසස් පාසල් පළමු ඉනිම - ඕවර 74 කදී සියලු දෙනා දැවී 247
(දිලිප් කුමාර 63, චමත්ක සඳගොමි 56, රෂාන්ත ප්රනාන්දු 25, සිතුම් ද සිල්වා 22, පසිඳු කුමාර 35/4, හෂාන් මධුෂංක 37/3)
කන්නංගර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 155
(හේෂාන් ශානක 43, නීරෝග සත්තර 26, අෂාන් මගාරච්චි 22, චමත්ක සඳගොමි 39/5, ඉමේෂ් ප්රනාන්දු 25/3)
මෙතෝදිස්ත උසස් පාසල් දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලු 4 ක් දැවී 102
(සඳුන් තරංග 46, හේෂාන් ශානක 10/2)
-036