. ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පිල පරදවති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 26 වැනි සිකුරාදා
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පිල පරදවති
2019-01-29 15:51:13 | .

සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති පස්වැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 101 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. 


ජයග්‍රහණය සඳහා ලකුණු 404 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 302 ක් පමණි. එහිදී නීල් රොක් (78) සහ ලෝකන් ටකර් (53) අර්ධ ශතක ලබාගත්තද අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ. පන්දු 56 කදී වාර්තා වූ රොක්ගේ අර්ධ ශතකය හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 කින්ද, පන්දු 64 කදී වාර්තා වූ ටකර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය. 


දක්ෂ පන්දු යැවීමක නිතර වූ අසේල ගුණරත්න අවසන් ඕවරයේදී දවාගත් කඩුලු 3 ද සමගින් ලකුණු 51 කට කඩුලු 4 ක් බිඳහෙළීය. එහිදී අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ගුණරත්නට අනගි සහායක් දුන් දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවාගත්හ. 


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 403 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නායක උපුල් තරංග (120) සහ අවිෂ්ක ප්‍රනාන්දු (112) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 174 කදී ලකුණු 206 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 108 කට මුහුණදුන් තරංග හයේ පහරකින් සහ හතරේ පහර 15 කින් සිය ශතකය අලංකාර කළ අතර පන්දු 94 කදී වාර්තා වූ අවිෂ්කගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සමන්විත විය. 


ක්‍රේග් යංගේ පන්දුවක් හමුවේ ජේම්ස් කැමරන් අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිෂ්ක පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් අනතුරුව අසේල ගුණරත්න (25) සමග එක්වූ තරංග, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. මුලු ලකුණු සංඛ්‍යාව 274 ක්ව තිබියදී පිට පිට යවන ලද පන්දු 2 කින් තරංග සහ ගුණරත්න දවාගැනීමට ගැරීත් ඩෙලනි සමත් විය.   


සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධනටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ගැරීත් ඩෙලනි ඉඩක් නොදුන් අතර ලෝකන් ටකර්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට මිලින්ද ලබා සිටියේ ලකුණු 7 ක් පමණි. ඔහුගේ දැවීයෑමෙන් අනතුරුව පිටියේ එක්වූ දසුන් ශානක (39) සහ චතුරංග ද සිල්වා (50), පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ. 


පන්දු 23 කදී වාර්තා වූ චතුරංගගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත වූ අතර දසුන් ශානක ලකුණු රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 10 කට මුහුණදුන් ඉසුරු උදාන හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 
 

-036 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

ඔබේ ප්‍රතිචාර
Ruwan2019-01-29 16:43:19
සුපිරියි... ජයවේවා !!!
malkanthi2019-01-29 22:54:20
ඔය වගේ ටීම් 1ක් ඕස්ට්‍රේලියාවට එවන්න තිබුණනේ...
නිලුපුල්2019-01-30 17:25:22
ලෝක කුසලානය සදහා A team එක යවන්න.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි ...
2019-04-22 23:55:04
රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල...
බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි...
2019-04-24 19:48:48
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 42 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (24) රාත්‍රී පැවැති ...
වොට්සන් චෙන්නායි පිලට ජය ගෙනෙයි...
2019-04-23 19:51:10
ෂේන් වොට්සන්ගේ (96) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 41 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් සහ සන...
විදූෂා තුන් පිම්ම ලෝකඩ පදක්කම දිනයි...
නියමයි සහෝදරිය.... ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...