. හතුරුසිංහගේ තේරීම් නවත්වයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
හතුරුසිංහගේ තේරීම් නවත්වයි
2019-01-29 17:28:20 | යොහාන් භාසුර

 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට හිමිව තිබූ අවස්ථාව ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරී චූලානන්ද පෙරේරා මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

මෙම තීරණයත් සමඟ අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට සංචිතය මෙන්ම තරගයක් සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා තේරීමේ අවස්ථාව ද ලැබී තිබේ. හතුරුසිංහ මහතා සතුව තිබූ සංචාරයක් අතරතුරදී අවසන් එකොළොස්දෙනාගේ කණ්ඩායම තේරීමේ අවස්ථාව ඒ මහතාට අහිමිවිය. 

හතුරුසිංහ මහතා තේරීම් කමිටු සාමාජිකයකුව සිටීමෙන් ක්‍රීඩාවට හානියක් වන බවට වර්තමාන තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු දක්වා තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹ ඇති බවත් ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරී චූලානන්ද පෙරේරා මහතා එය තේරීම් කමිටුවට ලිඛිතව ලබාදී ඇති බවත් කියැවේ. 

එම තීරණයත් සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ සිට කණ්ඩායම තේරීමේ වගකීම ජාතික තේරීම් කමිටුවට පැවරී තිබේ.   

හතුරුසිංහ මහතා 2018 වසරේ පුහුණුකරු ධූරය බාරගැනිමේදී තමන්ට තේරීම් කමිටුවේ සාමාජිකත්වය ද ලැබිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කළ අතර ඒ අනුව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනය ව්‍යවස්ථාව වෙනස් කර ඒ සඳහා ප්‍රතිපාදන ඇති කළ බවට එවකට ප්‍රකාශ විය. 

කෙසේ වෙතත් ක්‍රිකට් ප්‍රවීණයකු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව කණ්ඩායම් තේරීමේ වගකීම තේරීම් කමිටුවට, නායකයාට සහ කළමණාකරුට පැවරෙන බවයි. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...