.jpg)



.
අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ඊයේ (29 වැනිදා) සමත්විය. මෙම තරගය අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය දෙවැනි ඉනිමේදී විශිශ්ට පන්දු යැවීමක නිරතවූ ආදිත්‍ය බණ්ඩාර ලකුණු 35 කට කඩුලු 7 ක් දවාගනිමින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(කණිෂ්ක මදුරංග 59, බුද්ධික දමින්ද 33, ඉෂාන් සංගීත් 16/4, මෙදුනක විජේතිලක 22/2, දුමින්ද එදිරිවීර 37/2)
විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලුදෙනා දැවී ලකුණු 222
(කවිශ්ක තෙන්නකෝන් 61, දිල්ශාන් රත්නායක 63, ජයසුන්දර දෙනවිරත්න 42/4, පසිඳු ආකර්ෂණ 46/3)
ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(ලෙසුක දිනසර 26, ජයසුන්දර සෙනවිරත්න 24, පසිඳු ආකර්ෂණ 20, ආදිත්‍ය බණ්ඩාර 35/7, මෙදුනක විජේතිලක 26/3)
විද්‍යාර්ථ විද්‍යාල - දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 25
(පසිඳු ආකර්ෂණ 14/2)