. ක්‍රිකට් විරෝධතා ගැන නිර්දේශ ඇමතිට | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ක්‍රිකට් විරෝධතා ගැන නිර්දේශ ඇමතිට
2019-02-06 18:03:50 | යොහාන් භාසුර

මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා වන නාමයෝජනාවලට එරෙහිව ඉදිරිපත් කර ඇති විරෝධතා විමර්ශනය කළ අභියාචනා කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් එහි නිර්දේශ ඇතුළත් වාර්තාව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (06) බාරදෙන ලදී.

අභියාචනා කමිටුව ලබාදුන් නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

විරෝධතා ඉදිරිපත් කිරීම පසුගිය මස 28 වැනිදා අවසන් වූ අතර අභියාචනා කමිටුවට විරෝධතා 10 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා විය.

විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය සහ විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසේන කහඳව මහතා එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ මස 21 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.  

අභියාචනා කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට වාර්තාව බාරදුන් අවස්ථාව.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසේන කහඳව (වමේ) සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරී චූලානන්ද පෙරේරා (දකුණේ) යන මහත්වරු ද මෙහි සිටිති.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...