. ද.අප්‍රිකානු කාන්තාවෝ විඃ20 තරගාවලිය ජයගනිති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
ද.අප්‍රිකානු කාන්තාවෝ විඃ20 තරගාවලිය ජයගනිති
2019-02-07 16:02:28 | .

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ (6 වැනිදා) සමත්විය. සෙනුචූරියන්හිදී පැවැති තෙවැනි තරගයේදී ලකුණු 39 ක ජයක් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ඬේන් වැන් නිකර්ක් ලකුණු 38 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිය බවට පත්වූ අතර ටස්මින් බ්‍රිට්ස්  ලකුණු 36 ක් සහ ලාරා ගූඩල් ලකුණු 35 ක් රැස්කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ සුනේ ලූස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත් අතර ඕෂධී රණසිංහ, චමරි අතපත්තු, ඉනෝකා රණවීර සහ කවීෂාර දිල්හාරී කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස්කිරීමට සමත්වුවද ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමට අපොහොසත් විය.

ශශිකලා සිරිවර්ධන පන්දු 21 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 29 ක් රැස්කළද සෙසු පිතිකාරියන් අසාර්ථක විම හේතුවෙන් තරගය පරාජයට පත්විය.

නදින් ඩි ක්ලර්ක් කඩුලු 3 ක් සහ ශබ්නිම් ස්මයිල් කඩුලු 2 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 163
(ඬේන් වැන් නිකර්ක් 38, ටස්මින් බ්‍රිට්ස්  36, ලාරා ගූඩල් 35, සුනේ ලූස් 26)

ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 124
(චමරි අතපත්තු 43, ශශිකලා සිරිවර්ධන 29, නදින් ඩි ක්ලර්ක් 27/3, ශබ්නිම් ස්මයිල් 11/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ශම්මි සිල්වා...
2019-04-18 18:37:22
“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා...
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...