. ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි
2019-02-11 20:40:30 | නාමල් පතිරගේ

රාජගිරිය ජනාධිපති විදුහලේ රුපියල් කෝටි 10ක වියදමින් ඉදිකළ පිහිනුම් තටාකය විවෘත කිරීම හෙට (12) පස්වරු 3ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයේ පාසලක මෙතෙක් ඉදිවූ එකම අංගසම්පූර්ණ පිහිනුම් තටාකය වන එය මන්තීරු අටකින් සමන්විත මීටර 50ක් දිගින් හා මීටර 25ක් පළලින් යුතුය. නව පිහිනුම් ක්‍රීඩා තටාංගණය සාප්පු සංකීර්ණයකින් ද සමන්විත වේ.

ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සඳහා ප්‍රතිපාදන ලබාදී තිබේ.

නව පිහිනුම් තටාකය අද විවෘත කිරීමෙන් පසුව එය කෝට්ටේ මණ්ඩලයේ සෙසු පාසල් ක්‍රීඩා සමාජ හා පෞද්ගලික පිහිනුම්කරුවන් සඳහා ද විවෘත වන බව රාජගිරිය ජනාධිපති විදුහලේ විදුහල්පති ධනුෂ්ක ආරියරත්න මහතා පවසයි.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ කාර්යාංශයේ මධ්‍යම උපදේශක සභාවේ අධීක්‍ෂණයෙන් නව පිහිනුම් තටාකයේ ඉදිකිරීම් සිදු කර තිබේ.

 

ඔබේ ප්‍රතිචාර
මංජුල බිරැට්2019-02-12 07:56:00

කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්නම් මගේ ෆෙස්බුක් එකෙ තියනවා


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...