. ‘උතුරු හටන’ ජය පරාජයෙන් තොරයි | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
‘උතුරු හටන’ ජය පරාජයෙන් තොරයි
2019-03-09 21:26:55 | රොෂාන් ගුණරත්න

යාපනය මධ්‍ය විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 113 වැනි ‘උතුරු හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (9 වැනිදා) අවසන් විය. තුන්දින තරගයක් වන මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය යාපනය මධ්‍ය විද්‍යාලයට තරගයේ තෙවැනි සහ අවසන් දිනයවූ අද තරගය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් පමණි. එස්.මදුෂාන් (65) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම්දැක්වූ අතර ඉලයරාසන් කමලරාසා ලකුණු 27 ක් සහ එස්.සරන්දන් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූහ.

සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත ජෝන් විදුහල දෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 121 ක් රැස්කර සිටි අතර කඩුලු 9 කට ලකුණු 245 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීමට අද තීරණය කළේය. එස්. තනූජන් (66) සහ එම්. සෞම්‍යම් (50) අර්ධ ශතක ලබාගනිමින් යාපනය මධ්‍ය විදුහලට අභියෝග කළ හැකි මට්ටමකට ශාන්ත ජෝන් විදුහල ගෙන යෑමට සමත්වූහ.

වියස්කාන්ත් විජයකාන්ත් කඩුලු 4 ක් සහ එස්.මදුෂාන් කඩුලු 3 ක් දවාගනිමින් යාපනය මධ්‍ය විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 181
(දිනෝෂන් තිවේන්ද්‍රම් 98, අභිනාෂ් මුර්ෆින් 24, ඉලයරාසන් කමලරාසා 54/5, වියස්කාන්ත් විජයකාන්ත් 43/3)

යාපනය මධ්‍ය විදුහල් පළමු ඉනිම - ඕවර 79.2 කදී සියලුදෙනා දැවී 195  
(කේ. ඉලයරාසන් 77, වී. වියස්කාන්තන් 41, ඒ. ජයදර්ශන් 21, ඒ. සරන් 54/3, එල්ෂාන් දුනුෂාන් 11/2, එම්. හේමදුෂාන් 20/2, ටී. විනෝෂන් 25/2)

ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 89 කදී කඩුලු 9 ක් නොදැවී 245
(එස්. තනූජන් 66, එම්. සෞම්‍යම් 50, ඒ.අභිෂේක් නොදැවී 31, දිනෝෂන් තිවේන්ද්‍රම් 24, වියස්කාන්ත් විජයකාන්ත් 88/4, එස්.මදුෂාන් 51/3)

යාපනය මධ්‍ය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී 176  
(එස්.මදුෂාන් 65, ඉලයරාසන් කමලරාසා 27, එස්.සරන්දන් 25, එම්.අභිනාෂ් 29/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...