. ශා. ජෝන් ක්‍රීඩකයෝ එක්දින තරගයත් දිනති | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
ශා. ජෝන් ක්‍රීඩකයෝ එක්දින තරගයත් දිනති
2019-03-10 20:22:30 | යොහාන් භාසුර සහ පානදුර සමන් කාරියවසම්

පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති ‘ජී. සී. රොබට්’ අනුස්මරණ කුසලාන 16 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 138 ක ජයක් ලැබූහ.

ලකුණු 235 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය රාජකීය විදුහල් ඉනිම ඕවර 31.4 කදී ලකුණු 96 කට සීමා කිරීමට ශාන්ත ජෝන් විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. රාජකීය විදුහල් පිලේ නායක අකිල සෙනේෂ් ලකුණු 35 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

නායක ප්‍රවීන් සඳමාල් (29/3) සහ සසිත මනුප්‍රිය (24/3) කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය ලැබූ රාජකීය විදුහලේ ආරයුමින් පළමුව පන්දුවට ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් යසිරු සංදීප පන්දු 93 කදී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54 ක් රැස්කිරීමට සමත් විය.

ශාන්ත ජෝන් විදුහල් පිලේ නායක ප්‍රවීන් සඳමාල් තරගයේ වීරයා ලෙස ද, යසිරු සංදීප දක්‍ෂතම පිතිකරු ලෙස ද, සසිත මනුප්‍රිය දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සචින් ධනංජය දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.


ශාන්ත ජෝන් විදුහල ඕවර 50 යේදී කඩුලු 9 ට 234
(යසිරු සංදීප 54, ප්‍රවීන් සඳමාල් 42, සචින් ධනංජය 39, දිනුෂ්ක මධුෂාන් 36, දිනෙත් රෂ්මික 23/2, අකිල සෙනේෂ් 46/2, සචින් චමුදිත 33/2)

රාජකීය විදුහල ඕවර 31.4 කදී සියලු දෙනා දැවී 96
(අකිල සෙනේෂ් 35, ප්‍රවීන් සඳමාල් 29/3, සසිත මනුප්‍රිය 24/3, අෂාන් දිල්හාර 18/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...