. රත්ගම දේවපතිරාජයට ලකුණු 140 ක දැවැන්ත ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
රත්ගම දේවපතිරාජයට ලකුණු 140 ක දැවැන්ත ජයක්
2019-03-11 18:08:47 | රොෂාන් ගුණරත්න

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුළීගොඩ මාදම්පා මධ්‍ය විද්‍යාලය අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති පළමු වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජයගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දේවපතිරාජ විද්‍යාලය ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 302 ක් රැස්කිරීමට සමත්විය.

දක්ෂ පිතිහරඹයක නිරතවූ පැතුම් මදුසංක (102) ශතකයක් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ඉරුෂ්ක තිමිර (51) අර්ධ ශතකයක් ලබාගත්තේය.

මල්ෂ තරුපති සහ චමෝද් කේෂාන් කඩුලු 3 බැගින්ද රවිඳු නිම්ෂාන් කඩුලු 2 ක් ද දවාගනිමින් මාදම්පා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය මාදම්පා මධ්‍ය විද්‍යාලයට ඕවර 43.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි.

ලකුණු 29 ක් ලබාගත් සසිඳු නිමේෂ් මාදම්පා මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සචින් දිල්හාර ලකුණු 27 ක් සහ මල්ෂ තරුපති ලකුණු 22 ක් රැස්කිරීමට සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ මතීෂ සාරංග කඩුලු 3 ක් දවාගනිමින් දේවපතිරාජ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.


දේවපතිරාජ විද්‍යාලය - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 302
(පැතුම් මදුසංක 102, ඉරුෂ්ක තිමිර 51, ජීවක ශෂීන් 49, කල්ප තේචිය නොදැවී 33, මල්ෂ තරුපති 66/3, චමෝද් කේෂාන් 32/3, රවිඳු නිම්ෂාන් 50/2)

මාදම්පා මධ්‍ය විද්‍යාලය - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(සසිඳු නිමේෂ් 29, සචින් දිල්හාර 27, මල්ෂ තරුපති 22, මතීෂ සාරංග 32/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...