. මාතර රාහුලට ලකුණු 247 ක දැවැන්ත ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
මාතර රාහුලට ලකුණු 247 ක දැවැන්ත ජයක්
2019-03-12 17:14:53 | රොෂාන් ගුණරත්න

මාතර රාහුල විද්‍යාලය සහ පේදුරු තුඩුව හාර්ට්ලී විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) 3 වැනි වරටත් පැවැති ‘මනිමාරන් විජේසිරිවර්ධන’ කුසලාන වාර්ෂික ක්‍රිකට් තරගය ලකුණු 247 කින් ජයගැනීමට මාතර රාහුල විද්‍යාලය සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මාතර රාහුල විද්‍යාලය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් රැස්කිරීමට සමත්විය. භාග්‍ය හිමත් ලකුණු 69 ක් රැස්කරමින් රාහුල විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සහන් බණ්ඩාර ලකුණු 40 ක් රැස්කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹාගිය පේදුරු තුඩුව හාර්ට්ලී විද්‍යාලයට ඕවර 24 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 64 ක් පමණි.

චමුදිත දිල්ෂාන් ලකුණු 12 කට කඩුලු 2 ක් සහ හසිත් මනුරංග ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් රාහුල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

රාහුල විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 දැවී ලකුණු 311
(භාග්‍ය හිමත් 69, සහන් බණ්ඩාර 40, එම්.ලක්ෂා 14/2)

හාර්ට්ලි විද්‍යාලය - ඕවර 24 කදී සියලුදෙනා දැවී ලකුණු 64
(චමුදිත දිල්ෂාන් 12/2, හසිත් මනුරංග 22/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...