. තර්ස්ටන් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
තර්ස්ටන් විද්‍යාලය පෙර අ.අ. පූර්ව වටයට
2019-03-15 10:54:26 | රොෂාන් ගුණරත්න

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 144 ක දැවැන්ත ජයක් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත්විය. 

ජයවිහාන් මහවිතාන (78), සඳරු ඩයස් (62) සහ පවන්ත ජයසිංහ (නොදැවී 53) අර්ධ ශතක ලබාගනිමින් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 300 සිමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූ අතර අයේෂ් හර්ෂණ කඩුලු 4 ක් ද චාලක බණ්ඩාර සහ අංජු කරුණානායක කඩුලු 2 බැගින් දවාගනිමින් ලුම්බිණි විද්‍යාලය අඩු ලකුණ සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

මදුරම්‍ය විජේසිරි (93) අර්ධ ශතකයක් ලබාගනිමින් ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

තර්ස්ටන් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගය මින් පෙර පැවැත්වුවද දෙපිලේ ලකුණු සමවීම හේතුවෙත් තරගය නැවත පැවැත්වීමට තරග සංවිධාකවරු තීරණය කළහ.

තර්ස්ටන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 323
(ජයවිහාන් මහවිතාන 78, සඳරු ඩයස් 62, පවන්ත ජයසිංහ නොදැවී 53, රනේෂ් සිල්වා 42, රෂ්මික හිරිපිටිය නොදැවී 38, මදුරම්‍ය විජේසිරි 42/2)

ලුම්බිණි විද්‍යාලය - ඕවර 34.5 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(මදුරම්‍ය විජේසිරි 93, දුශාන් රන්මල් 21, අයේෂ් හර්ෂණ 06/4, චාලක බණ්ඩාර 17/2, අංජු කරුණානායක 37/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...