. මහනුවරින් රග්බි සංගමයට කොන්දේසි | කෙළිමඬල
2019 මාර්තු මස 24 වැනි ඉරිදා
මහනුවරින් රග්බි සංගමයට කොන්දේසි
2019-03-15 12:30:53 | ෂේන් සෙනෙවිරත්න

ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරගාවලිය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සහභාගී වන තරඟ වලදී පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටිය වෙනුවට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය හෝ නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණය දෙන්න’යි මහනුවර ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙත ලිඛිතව දැනුම් දී තිබේ. එසේ නොදෙන්නේ නම් මෙවර ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියෙන් තමන් ඉවත්වන බවද මහනුවර ක්‍රීඩා සමාජ පිල සිය ලිපියෙන් දන්වා තිබේ. 

මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ රග්බි කමිටු සභාපති ලසන්ත විජේසූරිය මහතාගේ අත්සනින් යුතුව ඒ බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙත මෙම ලිපිය යවා ඇත.  

ලසන්ත විජේසූරිය මහතා ලංකාදීපයට පවසා සිටියේ පල්ලෙකැලේ වැනි දුර බැහැර ස්ථානයක රග්බි තරඟයක් පැවැත්වීමෙන් තරඟ නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් දැඩි අපහසුතාවයකට පත් වීමට සිදු වන බවත් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ද එය අහිතකර ලෙස බලපාන බවත් හෙතෙම කීවේය. 

තම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයන් බහුතරයක් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බැවින් ක්‍රීඩා කරන ලබන ක්‍රීඩා පිටිය කුමක් වුවත් ප්‍රශ්නයක් නොවන බවත් හෙතෙම පැවසීය. එහෙත් ප්‍රේක්ෂකයින්ගේ පැත්තෙන් හා රග්බි ප්‍රවර්ධනය පැත්තෙන් සිතා මහනුවරදී පැවැත්වෙන ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරග බෝගම්බර ක්‍රීඩා පිටිය හෝ නිත්තවල ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදන ලෙස ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ලිඛිත ව දැනුම් දුන් බව ඒ මහතා පවසා සිටියේය. 

මහනුවර ක්‍රීඩා සමාජ රග්බි කමිටු සභාපති ලසන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ  පසුගිය වසර වල දී පැවති ක්ලිෆර්ඞ් කුසලාන තරග වලදී මහනුවරින් පිටත පැවති තරඟ 24 කින් 22 ක ජය මහනුවර ක්‍රීඩා සමාජ පෙළ වාර්තා කර ඇති බවයි. මෙම ක්‍රීඩා සමාජ පිලේ ක්‍රීඩකයන්ට නිත්තවෙල ක්‍රීඩා පිටියෙන් බැහැර වෙනත් ක්‍රීඩා පිටි වල ක්‍රීඩා කිරීම පිළිබඳව තම ක්‍රීඩකයන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද විජේසූරිය මහතා පැවසීය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දකුණු අප්‍රිකාව සුපිරි ඕවරය ජයගනී...
2019-03-19 21:28:52
තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-2...
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි...
2019-03-22 21:34:17
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හ...
දකුණු අප්‍රිකානු ජ්‍යෙෂ්ඨයෝ විවේක ගනිති...
2019-03-18 18:13:33
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු ස...
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම...
2019-03-22 18:48:34
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංක...