. වේල්සයේ බලාපොරොත්තු ඉහළම තලයක | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
වේල්සයේ බලාපොරොත්තු ඉහළම තලයක
2019-03-16 15:07:56 | සැකසුම : මොහාන් ප්‍රනාන්දු

අද පැවැත්වෙන හයකොන් රග්බි ශූරතාවලියේ අවසන් තරග වටයේදී මහ බි්‍රතාන්‍යයේ රග්බි ක්‍රීඩාලෝලීන්ගේ අවධානය මුලින්ම යොමුවනු ඇත්තේ කාඩිෆ් ක්‍රීඩාංගණය දෙසටය. ඊළඟට බොහෝ විට ට්විකන්හැම් වෙතය. ශක්ති සම්පන්න ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් තුනක් හයකොන් රග්බි කිරුළ සොයා ජයග්‍රහණය හඹා යාමට සූදානමින් සිටිති.

මේ අතරින් ඉදිරියෙන්ම පසුවන්නේ මෙතෙක් පැවැති සියලුම තරග ජයගෙන අපරාජිතව (ග්‍රෑන්ඞ් ස්ලෑම් තත්ත්වයෙන්) කුසලානය දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන වේල්සයේ  කණ්ඩායමයි. සිය තුන්වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ හඹා යන ඔවුන් අද කාඩිෆ් නුවරදී සත්කාරකත්වය දරන්නේ අයර්ලන්තයට එරෙහිවය.

අයර්ලන්තය සහ වේල්සය අතර දැනට ඇති ලකුණු පරතරය 2ක් පමණි. ඒ මැද සිටින එංගලන්තය වේල්සයට වඩා පසුපසින් සිටින්නේ එක් ලකුණකිනි. අයර්ලන්තය වේල්සයේ ඉවසීම පරීක්ෂා කිරීමට බලා සිටියදී එංගලන්තය තරග බිමට පිවිසෙන්නේ ස්කොට්ලන්තයට එරෙහිවය.

සිය ප්‍රතිවාදියා හමුවේ හැකි උපරිම ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමටත්, ඒ අනුව අතිරේක ප්‍රසාද ලකුණ අත්කර ගැනීමටත් මේ රටවල් තුනම බලා සිටින්නේ එකිනෙකාට එක් ලකුණකින් පසුබා සිටින ප්‍රතිවාදීන් අභිබවා යාමට නම් අතිරේක ප්‍රසාද ලකුණක අවශ්‍යතාව මතුවී ඇති බැවිනි.

නවසීලන්ත ජාතික වොරන් ගැට්ලන්ඞ්ගේ පුහුණුකාරීත්වයෙන් යුතුව තරග වදින වේල්සයට මේ වසරේදි එම ගිවිසුම නිමාවට පත්වන බැවින් වේල්සයේ ක්‍රීඩකයෝ සිය පුහුණුකරුට උපරිම සාධරණය  කිරීමට සැදී පැහැදී බලා සිටිති. ඉතිහාසය අතින් ගත්තත් වැඩි වාසිය වේල්සයට හිමිවී ඇති අතර ගැට්ලන්ඞ්ගේ යුගයේදී විශාල සහ තීරණාත්මක තරගවල සෑහෙන දෙයක් කිරීමට සමත්වූවෝ වෙති. හෙට වේල්සයට අභියෝගයක් වී ඇති අයර්ලන්තයේ පුහුණුකරු ජෝ ෂ්මිඞ්ට් ද මේ කටයුතු කරන්නේ ඔහුගේ තනතුරේ අවසන් කාලසීමාවේය. ඒ අතින් බැලූවිට දෙපාර්ශ්වයේ ක්‍රීඩකයන් අතර රට වෙනුවෙන් ද, දෙපාර්ශ්වයේ පුහුණුකරුවන් අතර ඔවුනොවුන්ගේ අභිමානය වෙනුවෙන් ද වෙන වෙනම තරගයකි.

තරගය කෙතරම් තීරණාත්මක වූවත් සිවුවැනි වටයේදී ස්කොට්ලන්තය පරාජයට පත් කළ කණ්ඩායමම අද තරගයේදීත් උත්සාහ කර බැලීමට ගැට්ලන්ඞ් තීරණය කර තිබේ.  ෆුල් බෑක් ක්‍රීඩක ලියම් විලියම්ස් ආබාධයකට ලක්වී සිටියත් ඊයේ වනවිට ශාරිරික යෝග්‍යතාව ඉහළින් පෙන්වීමට සමත්වූ විලියම්ස් අද තරගයට සහතිකවම ක්‍රීඩා කරයි.

මේ අතර පසුපෙළ ශක්තිමත් කිරීමට පරිණත ක්‍රීඩක ෂෝන් ඕබි්‍රයන් කැඳවමින් ද, රොබ් කීර්නි ෆුල් බෑක් ක්‍රීඩකයා ලෙස ආදේශ කිරීමෙන් ද, නවකයකුටත් අවස්ථාව දෙමින් ටැඞ් බෙයාර්න් දෙවැනි පෙළට ඇතුළත් කිරීමෙන් ද අයර්ලන්ත පුහුණුකරුවා ෂ්මිඞ්ට් සිය කණ්ඩායමේ වෙනස්කම් තුනක්ම සිදු කර තිබේ.

කවදත් හයකොන් රග්බි ශූරතාවලියේ අවසන් සතියේ තරග යෙදෙන සුන්දර සෙනසුරාදා දිනයක කාඩිෆ් නුවර දී ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් හඹා ගිය කිසිම අවස්ථාවක වේල්සය පරාජයට පත්වී නොමැත. අයර්ලන්තයේ දැන් උත්සාහය වී ඇත්තේ වේල්සයේ මේ අභිමානවත් වාර්තාව බිඳ දැමීමයි.

 

(සැකසුම : මොහාන් ප්‍රනාන්දු)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...