. සයකොන් ශූරතාව වේල්සයට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
සයකොන් ශූරතාව වේල්සයට
2019-03-17 17:27:28 | සැකසුම : මොහාන් ප්‍රනාන්දු

වසර 11 ක් ඇතුළතට තුන්වැනි වතාවටත් ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළකට හිම්කම් කියමින් අයර්ලන්තය ලකුණු 25-7 කින් පරාජය කළ වේල්සය හයකොන් රග්බි ශූරතාව දිනා ගත්තේය. කාඩිෆ් නුවර ප්‍රින්සිපලිටි ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා)  පැවැති මේ තරගයට පෙර අපරාජිතව සිටි වේල්සය කුසලානය හඹා යමින් සිටි අයර්ලන්තයත්, එංගලන්තයත් තුට්ටුවකට මායිම් නොකරමින් ආරම්භයේ සිටම වේගවත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය.

ඔවුන්  තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 16-0 කින් පෙරමුණ ගත් අතර මිනිත්තු 80න් පසුව තරගයට ලබා දුන් අතිරේක මිනිත්තු කිහිපය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ජේා්ර්ඞ්න් ලාමෝර් උත්සාහක දිනුමක් නොතැබුවා නම් අයර්ලන්තයට ගෙදර යාමට වන්නේ ලකුණු 25-0 ක අන්ත පරාජයක් උරුම කරගනිමිනි.

වේල්සයේ ජයග්‍රහණය, තනතුරෙන් ඉවත්වීමට බලා සිටින පුහුණුකරු වොරන් ගැට්ලන්ඞ් වෙත ලබාදුන් කදිම උපහාරයක් වූ අතර ඔහු තනතුරෙන් සමුගන්නේ  මේ ශූරතාවලියේ ඉතිහාසයේ ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන තුනක් දිනාගත් පළමු හා එකම පුහුණුකරු ලෙස අසමසම වාර්තාවක් ද තුරුළුකර ගෙනය. වසර 2008 සහ 2012 දී ග්‍රෑන්ඞ් ස්ලෑම් අයුරින් හයකොන් කුසලානය දිනූ වේල්සය මුල සිටම තරගය වෙන් කර තිබුණේ ද සිය ආදරණීය පුහුණුකරුවා වෙනුවෙනි.

වොරන් ගැට්ලන්ඞ් වේල්සයේ පුහුණුකරු ලෙස කටයුතු කළ 50 වැනි තරගයද මෙයයි. වේල්සය දැන් පිට පිට තරග 14 ක් ජයගනිමින් වෙනම  වාර්තාවක් නඩත්තු කරමින් සිටී. ඊයේ තරගය අයර්ලන්ත පුහුණුකරු ජෝ ෂ්මිඞ්ට්ගේ ද අවසන් හයකොන් තරගය විය. මේ දෙදෙනාම ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් පසුව සිය තනතුරෙන් නික්ම යාමට නියමිතය.

තරගය ආරම්භ වී තත්ත්පර 70 කින් අයර්ලන්තයේ ඉරණම තීන්දු වූයේ හැඞ්ලි පාක්ස් තැබූ විස්මිත උත්සාහක දිනුමක් නිසාය. ගැරත් ඇන්ස්කොම්බේ එය ගෝලයක් බවට පත් කිරීමෙන් වේල්සය ලකුණු 7-0 කින් පෙරමුණ ගත්තේ පළමු මිනිත්තුවේදීමය.  

ඊළඟට තරගයේ 69 වැනි මිනිත්තුව දක්වා කාලය ගෙවී ගියේ එක පොදියට දෙපිලම පන්දුවට පොරකමින් සිටියදී සිදූවූ නීතිවිරෝධී ක්‍රීඩා වලිනි. වේල්සයට ලැබුණු දඬුවම් පහර අවස්ථා 6 ක්ම සාර්ථක කිරීමට ඇන්ස්කොම්බේ සමත්වීමෙන් වේල්සය සිය ලකුණු සංඛ්‍යාව 25-0 දක්වා ඉහළ දමාගත්තේය.  

මෙය තනිකරම ඒක පාර්ශ්වික තරගයක් බවට පත්වූ අතර ඊයේ පෙරේදා වේල්සයේ පුහුණුකරුවත්, ක්‍රීඩකයන් පිරිසත් බිංදුවට ඇද දමන ආකාරයෙන් සරදමට ලක් කරමින් කටමැත දෙඩවූ අයර්ලන්තයේ පුහුණුකරුවාට සහ ක්‍රීඩකයන්ට අන්තිමට සිදුවූයේ හිස් අතින් ගෙදර යාමටය. එවැනි අන්ත පරාජයක් අයර්ලන්තය මෑත කාලයේ උරුම කරගෙන නොතිබිණ.

කෙසේ වෙතත් අතිරේක මිනිත්තු කිහිපය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ජේා්ර්ඞ්න් ලාමෝර් උත්සාහක දිනුමක් තැබීමත්, එය ගෝලයක් බවට ප්‍රවර්තනය වීමත් නිසා අයර්ලන්තය නිලකුණු තත්ත්වයෙන් මිදුණේය.

සැකසුම : මොහාන් ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...