. ස්කොට් ක්‍රීඩකයෝ එංගලන්තය මවිත කරති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
ස්කොට් ක්‍රීඩකයෝ එංගලන්තය මවිත කරති
2019-03-17 18:54:20 | .

හයකොන් රග්බි ශූරතාව හඹා යමින් සිටි රටවල් තුනක් අතරින් දෙවැනි තැන පසුවූ එංගලන්ත කණ්ඩායම අන්ද මන්ද කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ සුන්දර සෙනසුරාදා දිනයකදී එංගලන්තයට එරෙහි තරගය සමකළහ. තරගයේ දෙවැනි භාගයේදී ඇදහිය නොහැකි ක්‍රීඩා රටාවක නිරත වූ ස්කොට් ක්‍රීඩකයෝ ලකුණු 31 ක්ම ලබාගත්තේ එංගලන්තයට එකම එක උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් පමණක් ලබාගැනීමට අවසර දෙමිනි.

වේල්සය මෙවර ග්‍රෑන්ඩ් ස්ලෑම් ආකාරයෙන් කුසලානය දිනාගැනීමට සමත්වීමෙන් මොහොතකට පසුව ට්වීකන්හැම් නුවර දී පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 31-7 කින් පෙරමුණ ගෙන සිටි එංගලන්තය ප්‍රසාද ලකුණක් ද සහිතව තරගය ජයගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවූයේය.

ඒ වනවිටත්  ප්‍රසාද ලකුණු 23 ක් ලබා පෙරමුණේ සිටි වේල්සයට කුසලානය අහිමි කිරීමට නම් එංගලන්තයට ප්‍රසාද ලකුණු 24 ක්ම ලබාගැනීමට අවශ්‍ය වී තිබිණ.  කෙසේ වෙතත් එංගලන්තය සිය ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් සිටි අතර  පළමු භාගයේදි එංගලන්තය තැබූ උත්සාහක දිනුම් 4 ම ගෝල බවට පත් කළ ඕවන් ෆැරල් දඬුවම් පහරක් ද සාර්ථක කරමින් සිය කණ්ඩායමට උපරිම දායකත්වයත් දුන්නේය.

එහෙත් දෙවැනි භාගයේදි එංගලන්ත පිල අන්දමන්ද කළ ස්කොට්ලන්තය  ආරම්භයේදිම ඩර්සි ග්‍රෙහැම් තැබූ උත්සාහක දිනුමෙන් නව පණක් ලබා එක හුස්මට අවසන් මොහොත දක්වාම සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය‍.

වරෙක 31-0 ක් ලෙසින් එංගලන්ත පිලට බොහෝ ඈතින් සිටි ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ පැය භාගයක් ඇතුළත 31-31 ක් ලෙසින් තරගය සමකළහ. අවසන් මිනිත්තුවේදි ජෝර්ජ් ෆෝඩ්ගේ තීරණාත්මක උත්සාහක දිනුම වාර්තා වීමට පෙර එනම්, 77 වැනි මිනිත්තුව වනවිටත් ස්කොට්ලන්තය ජයග්‍රහණය පෙනි පෙනී සිටියේ ලකුණු 38-31ක් ලෙසිනි. එහෙත් සියලු වැර යොදා ස්කොට්ලන්ත ආරක්ෂක පෙළ බිඳගෙන ඉදිරියට ගිය ජෝර්ජ් ෆෝඩ් එංගලන්තයේ නම්බුව බේරා ගත්තේය.

ස්කොට්ලන්තය වෙනුවෙන් දෙවැනි භාගයේදි බලාපොරොත්තු ගොඩනැගූ ඩර්සි ග්‍රෙහැම් තරගයේ 56 වැනි මිනිත්තුවේදි සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ අතර ඊට පෙර 49 වැනි මිනිත්තුවේදි මැග්නස් බ්‍රැඩ්බරි තැබූ අනගි උත්සාහක දිනුම ෆින් රසල් විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරද්දී ස්කොට්ලන්තයේ ලකුණු සංඛ්‍යාව 19 ක් විය. තරගයේ 59 වැනි මිනිත්තුවේදි රසල් තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ ග්‍රෙග් ලඩ්ලෝ අනතුරුව 75 වැනි මිනිත්තුවේදි සෑම් ජොන්සන් තැබූ විස්මිත උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 38-31කින් පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තය සමත්විය.

අවසන් මිනිත්තුවේදි එංගලන්තයේ අභිමානය රැක ගත් ෆෝර්ඩ් තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරනු ලැබුවේ ද ඔහු විසින්මය.

මේ තරගය වාර්තාපොතට එක්වූයේ ජාත්‍යන්තර රග්බි ඉතිහාසයේ ඉහළ ලකුණු ප්‍රමාණයකින් ලකුණු සමවූ තරගයක් ලෙසිනි.

- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...