. මලියදේව - ශා. ආනා ඇතුගල්පුර සටන 22-23 | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
මලියදේව - ශා. ආනා ඇතුගල්පුර සටන 22-23
2019-03-19 20:14:50 | පුෂ්පකුමාර ජයරත්න

කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා දෙවිදුහල් අතර  36 වැනි වරටත් සංවිධානය කෙරෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙම මස 22 සහ 23 දෙදින කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

‘ඇතුගල්පුර සටන’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලියේ මෙතෙක් පවත්වා ඇති තරග 35 න් තරග 05 ක් මලියදේව විද්‍යාලය ජයගෙන ඇති අතර අනෙක් තරග 30 ම ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

පස්වැනි වසරේ ක්‍රීඩකයෙකු වන, කවීන් බණ්ඩාර මලියදේව කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. කවිඳු රණසිංහ ශාන්ත ආනා විදුහල් ක්‍රිකට් කණ්ඩායමෙි නායකයා ලෙස කටයුතු කරයි. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම තුන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් ක්‍රීඩකයෝ වෙති.

මලියදේව කණ්ඩායම මෙවර පාසල් ක්‍රිකට් වාරයේදි තරග දෙකක් ජයගෙන දස්කම් අතින් ඉහළ මට්ටමේ සිටින කණ්ඩායමකි. මලියදේව නායකයා  කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 126 ක් වාර්තා කර ඇත. උපනායක සුපුන් සුමනරත්න ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 175 ක් වාර්තා කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේදි ලකුණු 1040 ක් ලබා සිටින දක්ෂ පිතිකරුවෙකි.

මලියදේව කඩුළු රකින්නා වන මුදිත ප්‍රේමදාස ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ ක්‍රීඩකයෙකු වන අතර ඔහු මේ වනවිට  ලකුණු 980 ක් රැස්කර ඇති දක්ෂ පිතිකරුවෙකි. මධුරංග නවීන් කඩුළු 60 ක් ලබාගෙන ඇති පන්දු යවන්නෙකි.

ශාන්ත ආනා කණ්ඩායමේ නායක කවිඳු රණසිංහ මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී අර්ධ ශතක තුනක්ද සමග ලකුණු 689 ක් රැස්කර තිබේ. පන්දුවෙන්ද දස්කම් දක්වන ඔහු වමතින් පා දඟ පන්දු යවන්නෙකි. උපනායක ලලිත් වර්ණකුලසූරිය, ක්‍රිෂාන්ත ජයතිලක, මයාස් මුසමිමිල්, පසිඳු තෙන්නකෝන් යන ක්‍රීඩකයෝ මෙවර පාසල් තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ වෙති.

මලියදේව කණ්ඩායම :-
කවීන් බණ්ඩාර (නායක), සුපුන් සුමනරත්න (උපනායක), මුදිත ප්‍රේමදාස (කඩුළු රකින්නා), නිසංජය හෙට්ටිආරච්චි , චාලුක අතපත්තු , බ්‍රයන් කරුණානායක , විදත් බටේපොල, මධුරංග නවීන්, පසිඳු තෙන්නකෝන්, ගයන්ත වික්‍රමාරච්චි, දිනූක ඩිල්ශාන්, ඉෂාර ඔෂාන් මුණසිංහ, නිමේෂ් චතුරංග, අමේෂ් තෙන්නකෝන්, කලිඳු රුක්මල්, නිකිල ධර්මදාස, මනීෂ වීරසිංහ සහ ඕෂධ ජයවික්‍රම
 (විදුහල්පති - සමන් ඉන්ද්‍රරත්න මහතා, ක්‍රීඩා භාර නියෝජ්‍ය විදුහල්පති - චලින්ද ඉලංකෝන් මහතා)

ශාන්ත ආනා කණ්ඩායම :-
කවිඳු රණසිංහ (නායක), ලලිත් වර්ණකුලසූරිය (උපනායක), ක්‍රිෂාන්ත ජයතිලක (කඩුලු රකින්නා ), මයාස් මුසමිමිල්, කවිදු ඒකනායක , සුලක්ෂණ මධුසිත්, හිරෑෂ ද සිල්වා, දමිත කුමාරගේ, අහමඩි ෂාෆි, මුයිස් රෆීල්, පසිදු තෙන්නකෝන් , අසිත පෙරේරා, පුමුදුෂාන් සදීරේ, ත්‍රිමල්ෂ සිල්වා, මනාන් මුසමිමිල්, කුසල් ජයවර්ධන, පිවිතු ප්‍රනාන්දු,  කලිඳු විජේසිංහ, නිපුණ කුමාර සහ කණිෂ්ක සුබසිංහ.
(විදුහල්පති - චන්දන හපුආරච්චි පියනම, ක්‍රිකට් භාර ආචාර්ය - නිහාල් සී.දිසානායක මහතා, පුහුණුකරු - චානක එදිරිවීරගේ මහතා)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...