. ශ්‍රී සුමංගල - මොරටු විදුහල් රන් හටන 22-23 | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
ශ්‍රී සුමංගල - මොරටු විදුහල් රන් හටන 22-23
2019-03-19 21:16:32 | යොහාන් භාසුර සහ පානදුර සමන් කාරියවසම්

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර 67 වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග 66 දී ශ්‍රී සුමංගල විදුහල තරග 8 ක් ද මොරටුව මහා විදුහල තරග 7 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන්වී ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා, ශ්‍රී සුමංගල විදුහලේ 2001 වසරේ පළමු පෙළ නායකයා වේ. ජාතික කණ්ඩායම නියෝජනය කළ දොන් අරුණසිරි සහ ඉන්දික ගාල්ලගේ ද ශ්‍රී සුමංගල විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති. ටෙස්ට් ක්‍රීඩකයන් වන කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඕෂධ ප්‍රනාන්දු, ශ්‍රී සුමංගල විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අතපොත් තැබූවෝ වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රබල පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස්, මොරටු මහ විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.  

මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ නායකයා ලෙස ජනිඳු ඉඳුවර ද, මොරටු මහ විදුහලේ පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ප්‍රබල පිතිකරු නිශාන් මධුෂ්ක ද, කටයුතු කරති.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ෂෂ වැනි කොටසේ ක්‍රීඩා කරන ශ්‍රී සුමංගල විදුහල් පිල මෙම තරග වාරයේ තරග 13 කට සහභාගි වී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද, හොරණ තක්‍ෂිලා, හලාවත ශාන්ත මරියා, හේනේගම මධ්‍ය විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක සහ කළුතර මහා විද්‍යාලය යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ හයක් ලබා ඇති අතර මීගමුව ශාන්ත පීතර, මාතර රාහුල සහ කළුතර සිරිකුරුස යන විදුහල් හමුවේ පරාජයට පත්ව තිබේ.

මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස නායක ජනිඳු ඉඳුවර හැදින්විය හැකිය. දකුණත් පිතිකරු ජනිඳු මෙම තරග වාරයේ තරග 12 කදී ලකුණු 818 ක් රැස්කර ඇති අතර දකුණතින් වේග පන්දු යවන්නකු ලෙස කඩුලු 34 ක් දවාගෙන තිබේ.

මිහිරංග ප්‍රනාන්දු (ලකුණු 464), තරණ ද සිල්වා (ලකුණු 458), ශානදිත් ප්‍රනාන්දු (ලකුණු 432) සහ ඉමෙත් ගම්පොළ (ලකුණු 384) මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති. වමතින් දඟ පන්දු යවන අනුක ජයසිංහ මෙම තරග වාරයේ තරග 12 කදී කඩුලු 75 ක් දවා ගනිමින් මොරටු මහ විදුහල් පිතිකරුවන් පාලනයට සූදාමින් සිටියි.   

විශ්ව ළහිරු (කඩුලු 34) සහ මිහිරංග ප්‍රනාන්දු (කඩුලු 20) ශ්‍රී සුමංගල විදුහල් පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කරති.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ක්‍රීඩා කරන මොරටු මහ විදුහල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී කොළඹ ලුම්බිණි, මීගමුව මාරිස්ටෙලා, කෑගල්ල ශාන්ත මරියා සහ කැලණිය ගුරුකුල යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජය ලබමින් තරග 11 ක් විසඳුමකින් තොරව අවසන් කරමින් අපරාජිතව සිටියි.

මෙවර මොරටු මහ විදුහලේ ප්‍රබලතම ක්‍රීඩකයා වන දකුණත් පිතිකරු නිශාන් මධුෂ්ක මෙම තරග වාරයේ තරග 13 කදී ශතක හයක් සමගින් ලකුණු 1386 ක් රැස්කිරීම කැපී පෙනේ. නිශාන් කණ්ඩායමේ කඩුලු රකින්නා ද වේ.

මධුෂාන් දිලක්‍ෂණ (ලකුණු 368) සහ නදිත් නිෂේන්ද්‍ර (ලකුණු 326) මොරටු මහ විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.  වමතින් දඟ පන්දු යවන එරාන් හංසමාල් මෙම තරග වාරයේ තරග 15 කදී කඩුලු 71 ක් දවාගනිමින් මොරටු මහ විදුහල් පන්දු යැවීමේ බලෑනියේ ප්‍රබලයා බවට පත්ව සිටියි.

විශ්ව දිදුලන (කඩුලු 39) සහ නදිත් නිෂේන්ද්‍ර (කඩුලු 35) මෙම තරග වාරයේ දස්කම් අතර සිටින පන්දු යවන්නන් වීම ශ්‍රී සුමංගල විදුහල් පිතිකරුවන්ට අභියෝගයක් වීමට ඉඩ තිබේ.   

දෙවිදුහල් අතර 27 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙල වමේ සිට: දේශාන් ප්‍රනාන්දු මහතා (සහාය පුහුණුකරු), තරණ ද සිල්වා, ජනිඳු ඉඳුවර (නායක), දිමුතු දෙරණගොඩ මහතා (විදුහල්පති), ශානදිත් ප්‍රනාන්දු (උප නායක), ප්‍රියංකර නන්දසේන මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), අනුක ජයසිංහ සහ මනෝජ් චානක මහතා (ප්‍රධාන පුහුණුකරු)
දෙවැනි පෙළ වමේ සිට: චාරුක පීරිස්, හේෂාන් කාවින්ද, ප්‍රභාෂ් ජයසේකර, නාමින දනිදු, බුද්ධින ශ්‍රී ෂෙනාල්, ඉමල්ක ප්‍රනාන්දු, විශ්ව ළහිරු සහ කවිඳු ගයාත්‍ර
පසු පෙළ වමේ සිට: මිහිරංග ප්‍රනාන්දු, අෂේන් සොයිසා, ගයාෂ පීරිස්, චමෝද් අල්විස්, චාරුක ජයතිලක, ශලන ගමගේ, ඉමෙත් ගම්පොළ, පූර්ණ ප්‍රභාත්, ඉසංක හේෂාන් සහ සසිඳු ද සිල්වා

මොරටු මහ විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: ප්‍රසන්න දිසානායක මහතා (පුහුණුකරු), නිශාන් මධුෂ්ක (නායක), හේමසිරි අදාවුදගේ මහතා (විදුහල්පති), නදිත් විසේන්ද්‍ර (උප නායක) සහ රසික චමින්ද මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)
දෙවැනි පෙළ වමේ සිට: චමල්ක පුෂ්පකුමාර, ඒරාන් හංසමාල්, දිල්ෂාන් දිලක්‍ෂණ, මධුෂාන් දිලංක්‍ෂණ, රෂාන් කවිෂ්ක, ජනිත ස්වෙමිත්, නිරාජ් කවිෂ්ක, විශ්ව දිදුලන සහ අවන්ත සුලක්‍ෂණ
පසු පෙළ වමේ සිට: දමිත් පුෂ්පකුමාර, මහිත් මෙත්දිනු, හෂාන් ආදිත්‍ය, චතුල භාග්‍ය, මධුර ගිම්හාන, විනුර නිපුන්, සුකිත දෙව්තිළිණ සහ තුෂාන් නිමන්ත  

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...