. 119 වන රුහුණු නිල් හටන අද සිට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
119 වන රුහුණු නිල් හටන අද සිට
2019-03-22 10:58:23 | ක්‍රිෂාන් ජීවක ජයරුක්

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී අද (22) ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන මෙම තෙදින තරගය  24 වැනිදා අවසන් වීමට නියමිතය. 

මෙම තරගය ආරම්භ වී ඇත්තේ 1900 වසරේදීය. ශ්‍රී ලංකාවේ අතිශය කැළඹුණු වාතාවරණ වලදී පවා අඛණ්ඩව වාර්ෂිකව මෙම තරගය පවත්වා තිබීම විශේෂත්වයකි.

මෙවර තරගයේ සත්කාරකය දරණ සාන්ත තෝමස් විද්‍යාලය මේ දක්වා පවත්වා ඇති වාර්ෂික ක්‍රිකට් තරග 118 අතුරින් තරග 33 ක් ජයග්‍රහණය කර තිබේ. සාන්ත සර්වේශස් විද්‍යාලය තරග 27 ක් ජයග්‍රහණය කර ඇත. ඉතිරි තරග 57 ක් ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේ නිමල් මුණවීරගේ නායකත්වයෙන් 1971 වසරේදී වන අතර සාන්ත තෝමස් විද්‍යාලය 2007 වසරේදී තාරක දුෂ්‍යන්ත ගේ නායකත්වයෙන් අවසන් වරට තරගය ජය ගෙන ඇත.

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන රුචිර පල්ලියගුරු, කසුන් මධුශංක සහ කසුන් රාජිත යන ජාතික සහ ජාත්‍යන්තර මට්මේ ක්‍රීඩකයන් සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අතපොත් තැබුවෝ වෙති. ඉන්දික සේරම් හා ප්‍රභාත් නිශ්ශංක යන ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.

මෙවර සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස චරිත් හර්ෂණ දයානන්ද ද, සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා ලෙස මිහිසල් අමෝද ද, කටයුතු කරති.

 

 

සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම:  
ඉදිරි පෙළ වමේ සිට: ඒ. එම්. ප්‍රියන්ත මහතා (කනිෂ්ඨ පුහුණුකරු), පසිදු මනුප්‍රිය, රොෂාන් ප්‍රියංකර මහතා (කණ්ඩායම භාර ආචාර්ය), චරිත් හර්ෂණ දයාරත්න (නායක), මහේෂ් කේ. හේවා මහතා (විදුහල්පති), ශෂික දුල්ෂාන් (උප නායක), ටී. ඩී. මුණසිංහ මහතා (පුහුණුකරු), කේසර නුවන්ත සහ ජී.එච්. නයනානන්ද සිල්වා මහතා (ක්‍රීඩා භාර සහකාර විදුහල්පති)

මැද පෙළ වමේ සිට: චිරත් නෙත්සර, රිතික් අනුරාධ, පුෂ්පිත ඩිල්ෂාන්, පසන් නෙත්සර, රුවින්ද රෝචන, මතීෂ මධුෂාන්, චේතක දෙනුවන්, ජනිදු ශංක දිදුලන්ත, හිරුන් අංජන, නිපුන් රංගිත්, රිසිර ලක්වින් සහ වරුණ ගමගේ.

පසු පෙළ වමේ සිට: චිහාන් කලිදු, දිනිරු, නවීන් සාහිත් සහ දිනුර දිල්මිත්

සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම-  ඉදිරි පෙළ වමේ සිට: සචිර රෂ්මික, කවිදු රිද්මාල්, චරිත් පල්ලියගේ මහතා (පුහුණුකරු), මිහිසල් අමෝද (නායක), ඩබ්ලිව්. බී. පියතිස්ස මහතා (විදුහල්පති), ගිසන්තික ජයවීර (උප නායක), රුවනි රුබසිංහ (ක්‍රීඩා  භාර ආචාරිනී) සහ හිරන්ත ලක්ෂාන්

මැද පෙළ වමේ සිට: චාමික රාමසිංහ, වෝෂිත අත්සර, හසරු ද සිල්වා, හරිදු ජයසේකර, එනුක බුද්වින්, දුමිදු හන්සක, හිරුෂ ජීවදිත්, සිනෙත් සිතාර, නිමන්තක භාෂන

පසු පෙළ වමේ සිට: සතිර තීක්ෂන්, ඉසුරු විහග, නිපුන් රුචිර, අශේන් ෂවින්ද, ජනක පවන්, සන්චිත රණසිංහ සහ සංජය මධුරංග.

 

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...