. හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
හතුරුසිංහ පුහුණුකරු තනතුරේ දිගටම
2019-03-22 18:48:34 | යොහාන් භාසුර

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගාවලියෙන් පසුව හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවූ හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ඊයේ (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පෙරේදා පස්වරුවේ පැය දෙකකට අධික කාලයක් පැවැත්විණි. එහිදී හතුරුසිංහ මහතා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සැළැස්මක් ඉදිරිපත්කර තිබේ.

මෙම සාකච්ඡාව පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනයේ පාලකයන් හැටියට තමන්ට වෙනත් ප්‍රශ්න වැදගත් නොවන බවත් ක්‍රිකට් ආයතනය ගෙවන මුදලට ගැලපෙන ප්‍රතිඵල ලැබිය යුතු බව පුහුණුකරුට පැවසූ බවයි.

“මේක පළමු සාකච්ඡාව. ඊට පසුව අපි ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සමඟ සාකච්ඡා කරනවා. ඉන් පසුව පුහුණුකරු සහ තේරීම් කමිටුව එක තැනකට ගෙනත් සාකච්ඡා කරනවා”

“අපිට වෙනත් ප්‍රශ්න වැඩක් නෑ. අපිට ඕනේ කණ්ඩායමේ දස්කම් වැඩි කරගෙන තරගය ජය ලබන කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. අපිත් ඒ සඳහා මහන්සිවෙලාවැඩ කරනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

අසන්ත ද මෙල් මහතා සහ ක්‍රිකට් ආයතන නිලධාරීන් අතර දෙවැනි සාකච්ඡාව අද (22) පැවැත්වීමට නියමිතව තිබුණි.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...