. සර්වේශස් විදුහලේ රිසිර - චිහාන් ශතක රැස්කරති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
සර්වේශස් විදුහලේ රිසිර - චිහාන් ශතක රැස්කරති
2019-03-22 19:25:46 | යොහාන් භාසුර

රිසිර ලක්වින් (නොදැවී 128) සහ චිහාන් කලිදු (114) විශිෂ්ට පිතිහරඹය නිසා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත සර්වේශස් විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අද (22) ආරම්භ වූ 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත සර්වේශස් විදුහල කඩුලු හයක් දැවී ලකුණු 351 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම සඳහා කඩුල් දෙකක් දැවී ලකුණු 28 ක් රැස්කර සිටියේය.

රිසිර ලක්වින් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 163 කදී හතරේ පහර 21 ක් සමගින් නොදැවී ලකුණු 128 ක් රැස්කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරු චිහාන් කලිදු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 114 කදී ලකුණු 114 ක් රැස්කළේය. එම ලකුණු 114 හතරේ පහර 12 කින් සහ හයේ පහර තුනකින් වර්ණවත් විය.

රිසිර ලක්වින් සහ ශෂික දුල්ෂාන් (45) සිවුවැනි කඩුල්ලට ලකුණු 103 ක සම්බන්ධතාවක් පවත්වමින් ශාන්ත සර්වේශස් විදුහල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

තෙදින තරගයක් වන මෙම තරගයේ හෙට (23) දෙවැනි දිනයයි.

 

ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම ඕවර 79 කදී කඩුලු 6 ට 351
(චිහාන් කලිදු 114, රිසිර ලක්වින් නොදැවී 128, ශෂික දුල්ෂාන් 45, පුෂ්පික ඩිල්ෂාන් 26, පසිඳු මනුප්‍රිය 21, සචිර රෂ්මික 78/2, හිරන්ත ලක්‍ෂාන් 17/2)

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 9 කදී කඩුලු 2 ට 28
(චරිත් හර්ෂණ 16/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...