. උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි
2019-03-22 21:34:17 | .

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී අද (22 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16 ක පරාජයක් උරුම විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි. එහිදී අනුකම්පා විරහිත පිතිහරඹයක නිතර වූ ඉසුරු උදාන, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නේ හයේ පහර 6 කින් සහ හතරේ පහර 8 කින් සිය මංගල විස්සයි20 අර්ධ ශතකය අලංකාර කරමිනි.

අටවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි උදාන, අටවැනි කඩුල්ල වෙනුවෙන් අකිල ධනංජය (1) සමග එක්ව පන්දු 23 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමේ උත්සාහයක නිතර වුවද, ඔහුගේ සහායට කිසිවකු නොසිටීම නිසා අවසානයේදී එම උත්සාහය අසාර්ථක විය.

මුලු ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට පළමු ඕවරය තුළදීම ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු (0) මෙන්ම කුසල් මෙන්ඩිස්ද (4) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඬේල් ස්ටේන් සමත් විය. සිවුවැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී නිරෝෂන් දික්වැල්ල (20) සහ කමිඳු මෙන්ඩිස් (0) පිටියෙන් ඉවත් කළ ක්‍රිස් මොරිස් ලකුණු 31 කට කඩුලු 4 ක් ලෙස ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දැමුවේය.

තිසර පෙරේරා පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් රැස්කළ නමුත්, ඇන්ජලෝ පෙරේරාගේ (11) සහ ධනංජය ද සිල්වාගේ (10) විස්සයි20 තරග රටාවට අනුචිත ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ක්‍රම ක්‍රමයෙන් මන්දගාමී විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කර සිටි අතර රීසා හෙන්ඩි්‍රක්ස්ගේ (65) සහ රාසි වැන්ඩර් ඩුසේන්ගේ (64) වාර්තාගත සම්බන්ධතාව හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.  

මුලු ලකුණු සංඛ්‍යාව 9 ක්ව තිබියදී දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඒඞ්න් මාක්‍රම් දවාගැනීමට ඉසුරු උදාන සමත් වූ අතර පිත්තේ මැද කොටසේ වැදී ඉහළ ගිය පන්දුව මිඞ් ඕන්හි පන්දු රකිමින් සිටි මාලිංගගේ දෑත් අතර සිරවීමත් සමග මාක්‍රම්ගේ ඉනිම ලකුණු 3 කට සීමාවිය.

ඉන් අනතුරුව දක්ෂ පිතිහරඹයක නිරත වූ රීසා හෙන්ඩි්‍රක්ස් සහ රාසි වැන්ඩර් ඩුසේන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 116 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉහළට ඔසවා තැබූහ. ඉනිමේ 15 වැනි ඕරයේදී කමිඳු මෙන්ඩිස්ගේ සහායද ඇතිව හෙන්ඩි්‍රක්ස් පිටියෙන් ඉවත් කළ ලසිත් මාලිංග එම සම්බන්ධතාවට තිත තැබීමට සමත් විය.

හෙන්ඩි්‍රක්ස්ගේ දැවී යෑමෙන් පන්දු 10 කට පසුව ඩුසේන්ටද ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූයේ අකිල ධනංජයගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි. පන්දු 46 කදී වාර්තා වූ හෙන්ඩි්‍රක්ස්ගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වූ අතර පන්දු 44 කදී වාර්තා වූ ඩුසේන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් නායක ජේ.පී. ඩුමිනි එහිදී නොදැවී ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

 


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...