. ඇතුගල්පුර හටන ජය පැරදුමෙන් තොරයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
ඇතුගල්පුර හටන ජය පැරදුමෙන් තොරයි
2019-03-23 17:13:19 | ශානුක අරවින්ද

කුරුණෑගල මලියදේව විදුහල සහ ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති 35 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (23 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ‘ඇතුගල්පුර හටන’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මලියදේව විදුහල් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටියේය.

ඒ වනවිට මලියදේවයේ කවීෂ බණ්ඩාර ලකුණු 29 ක්ද, බ්‍රයන් කරුණානායක ලකුණු 26 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටි ශාන්ත ආනා විදුහල, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 139 ක් එක්කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා මලියදේව විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. 

එහිදී කවිඳු රණසිංහ (64) සහ ලසිත් වර්ණකුලසූරිය (55) ශාන්ත ආනා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පිවිතු ප්‍රනාන්දු ලකුණු 36 ක්ද, ක්‍රිෂාන්ත පියතිලක ලකුණු 35 ක්ද, කවිඳු ඒකනායක ලකුණු 31 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මලියදේව විදුහල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබාගත් අතර මලියදේව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චාලුක අතපත්තු ලකුණු 48 ක් රැස්කළේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිෂිත පෙරේරා ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත් අතර මලියදේව පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා රිෂිතට අනගි සහායක් දුන් පසිඳු තෙන්නකෝන් ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 53 කදී සියලු දෙනා දැවී 172
(චාලුක අතපත්තු 48, විදත් බටේපොල 32, සුපුන් සුමනරත්න 26, රිෂිත පෙරේරා 15/4, පසිඳු තෙන්නකෝන් 53/3)

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 94.2 කදී කඩුලු 9 ක් දැවී 278
(කවිඳු රණසිංහ 64, ලසිත් වර්ණකුලසූරිය 55, පිවිතු ප්‍රනාන්දු 36, ක්‍රිෂාන්ත පියතිලක 35, කවිඳු ඒකනායක 31, බ්‍රයන් කරුණානායක 30/2, විදත් බටේපොල 45/2)

මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28 කදී කඩුලු 3 ක් දැවී 109
(කවීෂ බණ්ඩාර නොදැවී 29, සුපුන් සුමනරත්න 27, බ්‍රයන් කරුණානායක 26, මුදිත ප්‍රේමදාස 24)  

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...