. 21 වැනි ‘රන් හටන’ විසඳුමකින් තොරයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
21 වැනි ‘රන් හටන’ විසඳුමකින් තොරයි
2019-03-24 14:10:32 | රොෂාන් ගුණරත්න


මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති 21 වැනි ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරග විසඳුමකින් තොරව ඊයේ (23 වැනිදා) අවසන්විය.

පළමු දිනය අවසන් වනවිට ශ්‍රී රාහුල විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 105 ක් රැස්කර ප්‍රබල ස්ථානයක පසුවුවද පසුදින ලකුණු 70 ක් ඉතිරි කඩුලු 8 දවාගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලීය පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව දෙපිලේම පළමු ඉනිමේ ලකුණු සමවිය.

පළමු දිනය අවසන් වනවිට ලකුණු 20 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජනිත් මාඉටිපේ සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට සමත්වුවද අනෙක් අන්තයේ පන්දුවට පහදුන් මදුෂාන් පරණවිතානට දෙවැනි දිනයේදී ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් නොවීය.

සමීර ළහිරු කඩුලු 4 ක් ද ඉසුර කුලතුංග කඩුලු 3 ක් සහ තේනුක ඒකනායක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී සුමංගල විද්‍යාලය දෙවැනි දිනය අවසන් වනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 82 ක් රැස්කර සිටියේය.

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලුදෙනා දැවී ලකුණු 175
(අවිෂ්ක පුෂ්පකුමාර 55, චාමර බණ්ඩාර 52, ශෙමෙල් නෙරද්‍ය 22, දිල්ෂාන් අරඹේගෙදර 50/5)

ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලුදෙනා දැවී ලකුණු 175
(ජනිත් මාඉටිපේ 50, තරිඳු ෆොන්සේකා 48, මදුෂාන් පරණවිතාන 24, ක්‍රිෂාන්ත දිල්ෂාන් 21, සමීර ළහිරු 55/4, ඉසුර කුලතුංග 26/3, තේනුක ඒකනායක 22/2)

ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 82
(අවිෂ්ක පුෂ්පකුමාර 28, චාමර බණ්ඩාර නොදැවී 25, ක්‍රිෂාන්ත දිල්ෂාන් 07/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...