. එක්දින තරගයේ ජය පානදුර සුමංගලයට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
එක්දින තරගයේ ජය පානදුර සුමංගලයට
2019-03-24 17:30:55 | යොහාන් භාසුර සහ පානදුර සමන් කාරියවසම්

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති 27 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් පානදුර ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ කඩුලු පහක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී සුමංගල විදුහල වාර්ෂික එක්දින තරග ජය ලැබූ 13 වැනි වසර මෙය වන අතර මොරටු මහ විදුහල තරග 11 ක් ලබා සිටියේය.

ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 109 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 34.3 කදී කඩුලු පහක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ආරම්භක පිතිකරු ප්‍රභාත් ජයසේකර පන්දු 60 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී සුමංගල විදුහල් පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් මොරටු මහ විදුහල් ඉනිම ලකුණු 108 කට සීමා කිරීමට සමත් වූහ.

නායක නිෂාන් මධුෂ්ක යම් තරමකට හෝ සාර්ථක වෙමින් පන්දු 61 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් මොරටු මහ විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මොරටු මහ විදුහල් පිතිකරුවන් නව දෙනකුම ලකුණු දහයේ සීමාව පසුකිරීමට අපොහොසත්වීම කැපී පෙනේ.

විශ්ව ළහිරු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් 19 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් විය. ශ්‍රී සුමංගල විදුහලේ විශ්ව ළහිරු තරගයේ වීරයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, ශානදිත් ප්‍රනාන්දු දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, මොරටු මහ විදුහල් පිලේ නිශාන් මධුෂ්ක දක්‍ෂතම පිතිකරු ලෙස ද, සම්මාන ලැබූහ.  


මොරටු මහ විදුහල ඕවර 42 කදී සියලු දෙනා දැවී 108
(නිෂාන් මධුෂ්ක 36, මධුෂාන් දිලක්‍ෂණ 18, පූර්ණ ප්‍රභාත් 17/2, විශ්ව ළහිරු 19/4, අනුක ජයසිංහ 23/2)

ශ්‍රී සුමංගල විදුහල ඕවර 34.3 කදී කඩුලු 5 ක් දැවී 109
(ප්‍රභාත් ජයසේකර 27, මිහිරංග ප්‍රනාන්දු 20, ජනිඳු ඉඳුවර 17, ශානදිත් ප්‍රනාන්දු නොදැවී 22, විශ්ව දිදුලන 23/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...