. රුහුණු මහා නිල් හටන විසඳුමකින් තොරයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
රුහුණු මහා නිල් හටන විසඳුමකින් තොරයි
2019-03-24 18:56:35 | යොහාන් භාසුර

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පුරා තෙදිනක් පැවැති මාතර ශාන්ත තෝමස් විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.  

ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම කඩුලු හතරක් දැවී ලකුණු 151 ක් ලබා සිටියදී අත්හිටුවා ශාන්ත තෝමස් විදුහලට ඕවර දෙකකදී ලකුණු 75 ක ඉලක්කයක් බාර කළේය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (24) පස්වරුවේ ක්‍රීඩාව අවසන් වන විට ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 11 ක් රැස්කර සිටියේය.

ශාන්ත තෝමස් විදුහල කඩුලු අටකට ලකුණු 428 ක් රැස්කර සිටියදී පළමු ඉනිම අත්හිටුවීය. ඒ අනුව ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිමේ ලකුණු 77 ක වාසියක් ලැබුණි.  ගිසන්තික ජයවීර (85) සහ හිරන්ත ලක්‍ෂාන් (74) හත්වැනි කඩුල්ලට ලකුණු 136 ක සම්බන්ධතාවක් පවත්වමින් ශාන්ත තෝමස් විදුහල ප්‍රබල තත්ත්වයකට රැගෙන ආහ.

තරගයේ දෙවැනි දිනය වූ සෙනසුරාදා (23) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 289 ක් රැස්කර සිටියේය. ඒ වන විට ශාන්ත තෝමස් විදුහල් පිල කඩුලු හතරක් අතැතිව ලකුණු 62 ක් පසු පසින් සිටියේය.

ශාන්ත තෝමස් විදුහල් පිල දෙවැනි දිනයේ ඕවර 90 දී කඩුලු හතරක් පමණක් ලබාදෙමින් තුන්දින තරගයකට වඩාත් ගැළපෙන පිතිහරඹයක නිරත වීම කැපී පෙනුණි.  හරිඳු ජයසේකර අවස්ථානුකූල ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 193 කදී හතරේ පහර 16 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත් විය.

හරිඳු එම ඉනිමේදී සිනෙත් සිතාර (32) සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 83 ක ද, නායක මිහිසල් අමෝද (58) සමඟ එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 92 ක ද, අනගි සම්බන්ධතා දෙකක් පැවැත්වීය. නායක මිහිසල් අමෝද පන්දු 124 ක් කඩුල්ල ආරක්‍ෂාකරගනිමින් හතරේ පහර 10 ක් ද සමගින් ලකුණු 58 ක් රැස් කළේය.  

 


ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම ඕවර 79 කදී කඩුලු 6 ට 351
(චිහාන් කලිදු 114, රිසිර ලක්වින් නොදැවී 128, ශෂික දුල්ෂාන් 45, පුෂ්පික ඩිල්ෂාන් 26, පසිඳු මනුප්‍රිය 21, සචිර රෂ්මික 78/2, හිරන්ත ලක්‍ෂාන් 17/2)

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම ඕවර 147.1  කදී කඩුලු 8 ට 428
(හරිඳු ජයසේකර 105, මිහිසල් අමෝද 58, සිනෙත් සිතාර 32, වෝෂිත අත්සර 15, ගිසන්තික ජයවීර 85, හිරන්ත ලක්‍ෂාන් 74, චරිත් හර්ෂණ 39/2, පසිඳු මනුප්‍රිය 104/3, චේතක දෙනුවන් 41/2)

ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම ඕවර 36.5 කදී කඩුලු 4 ට 151
(ශෂික දුල්ෂාන් 40, චේතිය දෙනුවන් 44, රිසිර ලක්වින් නොදැවී 30, ජනිදු ශංක දිදුලන්ත 18)

ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඕවර 2 කදී කිසිවකු නොදැවී 11
 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...