. ශා.ආනා විද්‍යාලයට ලකුණු 6 ක ජයක් | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
ශා.ආනා විද්‍යාලයට ලකුණු 6 ක ජයක්
2019-03-24 21:18:43 | රොෂාන් ගුණරත්න

කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති 24 වැනි ‘ඇතුගල්පුර හටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 6 කින් ජයගැනීමට ශාන්ත ආනා විද්‍යාලය අද (24 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය මලියදේව විද්‍යාලයට ඕවර 49.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 162 ක් පමණි.

කවිඳු ඒකනායක ලකුණු 36 කට කඩුලු 4 ක් සහ පසිඳු තෙන්නකෝන් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත ආනා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ආනා විද්‍යාලයට ඕවර 49.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 168 ක් පමණි.

පසිඳු තෙන්නකෝන් ලකුණු 45 ක් රැස්කරමින් ශාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර කවිඳු ඒකනායක ලකුණු 32 ක් සහ පිවිතු ප්‍රනාන්දු ලකුණු 29 ක් සහ ලසිත් වර්ණකුලසූරිය ලකුණු 23 ක් රැස්කරමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

පසිඳු තෙන්නකෝන් සහ මදුරංග නවීන් කඩුලු 3 බැගින්ද ගයන්ත වික්‍රමාරච්චි කඩුලු 2 ක් ද දවාගනිමින් ශාන්ත ආනා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.


ශා.ආනා විද්‍යාලය - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(පසිඳු තෙන්නකෝන් 45, කවිඳු ඒකනායක 32, පිවිතු ප්‍රනාන්දු 29, ලසිත් වර්ණකුලසූරිය 23, පසිඳු තෙන්නකෝන් 36/3, මදුරංග නවීන් 41/3, ගයන්ත වික්‍රමාරච්චි 24/2)

මලියදේව විද්‍යාලය - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(බ්‍රයන් කරුණානායක 34, විදත් බටේපොල 24, ජයමින් මුතුකුමාරණ 22, සුපුන් සුමනරත්න 20, කවිඳු ඒකනායක 36/4, පසිඳු තෙන්නකෝන් 34/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...