. සුනිල සංග්‍රාමය මොරටුවේදී | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
සුනිල සංග්‍රාමය මොරටුවේදී
2019-03-29 17:26:30 | කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ දේවානන්ද දෙවිදුහල් අතර 52 වැනි “සුනිල සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 30 සහ 31 දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ධර්මාශෝක විදුහල් කණ්ඩායම දිනුක දිල්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර සොහාන් ලිවේරා දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.

මෙම මහා ක්‍රිකට් තරගයේ මේ දක්වා පැවැති තරග 51 කින් ගිය වසර ද (2018) ඇතුළත්ව ධර්මාශෝක විදුහල ජයග්‍රහණ 11ක් වාර්තා කර ඇති අතර දේවානන්ද විද්‍යාලය එක ජයක් පමණක් ලබා තිබේ.

දිනුක දිල්ෂාන්ගේ නායකත්වයෙන් යුතුව පළමු කොටසින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය සහභාගි වූ තරග 16න් තරග තුනක පූර්ණ ජයත්, පළමු ඉනිමේ ජයග්‍රහණ දහයක් වාර්තා කරගෙන ඇති අතර තරගයක් පූර්ණ පරාජයට පත්වී පළමු ඉනිමේ පරාජයන් දෙකක් හිමි කර ගෙන ඇත.

සොහාන් ලිවේරාගේ නායකත්වයෙන් දෙවැනි කොටසින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියට පිවිසි දේවානන්ද විද්‍යාලය සහභාගි වූ තරග 16න් තරග තුනක පූර්ණ ජයත්, පළමු ඉනිමේ ජයග්‍රහණ නවයක් හිමිකරගෙන ඇති අතර පූර්ණ පරාජයන් දෙකක් හා පළමු ඉනිමේ පරාජයන් දෙකක් ද හිමි කරගෙන තිබේ.

නායක දිනුක දිල්ෂාන් ධර්මාශෝක විදුහලේ ප්‍රබලම තුන් ඉරියව් ක්‍රීඩකයාය. ඔහු මෙවර තරගාවලියේ පිතිකරුවකු ලෙස ලකුණු 875ක් රැස්කරමින් පන්දු යවන්නෙකු ලෙස කඩුලු 61ක් දවාගෙන තිබේ.

කවිඳු නදිෂාන් (534), ලොහාන් සොයිසා (841), හසිත රාජපක්‍ෂ (463) සහ පෙනා දේශධි (475) මෙවර ධර්මශෝක විදුහල් පිලේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.

දේවානන්ද විදුහලට නායකත්වය දෙන සොහාන් ලිවේරා කණ්ඩායමේ සිටින විශ්වාසවන්තම පිතිකරුය. මෙවර තරගාවලියේදී දෙවැනි කොටසේ පළමුවෙන්ම ලකුණු 1000 ඉක්ම වූ ක්‍රීඩකයා වූයේ ද ඔහුය. ඔහු රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1209කි.

ප්‍රවීන් අවිශ්ක කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු මෙවර තරගාවලියේදී ලකුණු 325ක් රැස්කර ගෙන ඇති අතර පන්දු යවමින් කඩුලු 42ක්ද ලබාගෙන ඇත.

බිවිදු ජීවන්ත, හේෂාන් මිලක්‍ෂ, චමිදු අනුෂ්ක සහ චාමික පෙරේරා දේවානන්ද විදුහල් පිලේ සෙසු ප්‍රබල ක්‍රීඩකයෝ වෙති.

ධර්මාශෝක විදුහල් කණ්ඩායම
පළමු පෙල වමේ සිට
චානක කරුණාරත්න (සහාය පුහුණුකරු), කවිදු නදීෂාන් (උපනායක), ඩර්වින් ප්‍රියංක (ක්‍රීඩාභාර ආචාර්ය), හසිත කේෂර වෙත්තමුණි (විදුහල්පති), ඩබ්ලිව්.ඒ.ආර්. ගුරුසිංහ (ක්‍රීඩා ලේකම්), කමල් කාරියවසම් (පුහුණුකරු), දිනුක දිල්ෂාන් (නායක), තිලාන් මධුරංග (සහාය පුහුණුකරු).
දෙවැනි පෙල වමේ සිට:
චානක ජනංග, මනීෂ රශ්මික, අකිල මෙන්ඩිස්, චමිදු දිල්ෂාන්, හසිත රාජපක්‍ෂ, නවීන් රසංග, ලොහාන් ද සොයිසා, චාමික ගීත්, සෙනා ධර්මසේන, අබීන් චන්ද්‍රගුප්ත, ධනුජ ලක්මාල්, සනුල ගුණරත්න සහ සසිදු මල්ෂාන්.

දේවානන්ද විදුහල් කණ්ඩායම
පළමු පෙල වමේ සිට:
ප්‍රවීන් අවිශ්ක, සාගර ධනංජය (සහාය පුහුණුකරු), කවිදු රාජපක්‍ෂ (උප නායක), රෝහණ චන්ද්‍රකාන්ත (ක්‍රීඩාභාර ආචාර්ය), සේවින්ද සුරියආරච්චි (විදුහල්පති), සොහාන් ලිවේරා (නායක), පී. මිල්ටන් (පුහුණුකරු), හේෂාන් මිලක්‍ෂ, බිවිදු ජීවංක.
දෙවන පෙල වමේ සිට:
මිනිල අචින්තන, චාමික පෙරේරා, ප්‍රමෝද් කුමාර, ෂෙරෙන් ෂෙහාන් බුද්ධි ද සිල්වා, චමිදු ප්‍රමෝද්, පසිදු ධනංජය, චමිදු අනුෂ්ක, කුලිත ද සිල්වා, ප්‍රවීන් ද සොයිසා.
පසු පෙළ වමේ සිට:
චමෝද් චන්ද්‍රප, කවිදු රශ්මික, ෂෙහාන් රශ්මික, විහඟ මධුභාෂණ සහ ෂෙහාන් ද සිල්වා.

ඔබේ ප්‍රතිචාර
ජගත්2019-03-30 05:42:27

දම්සෝවට ජය


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...