. එක්දින තරගයේ ජය දේවානන්දයට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
එක්දින තරගයේ ජය දේවානන්දයට
2019-04-07 21:48:09 | ශානුක අරවින්ද

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ ධර්මාශෝක විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 27 ක ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක විදුහල ඕවර 45.1 ක් අවසානයේ ලකුණු 189 කට සීමා කිරීමට දේවානන්ද පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමිඳු අනුෂ්ක ලකුණු 57 කට ලකුණු 4 ක් බිඳහෙළු අතර ධර්මාශෝක විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහයක් දුන් ප්‍රවීන් අවිෂ්ක සහ සුමුදු ප්‍රමෝද් කඩුලු 2 බැගින් දවාගත්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දේවානන්ද විදුහල, ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් ලබාගත් අතර එහිදී සොහාන් ද ලිවේරා නොදැවී ලකුණු 88 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 216
(සොහාන් ද ලිවේරා නොදැවී 88, පසිඳු ධනංජය 24, දිවිඳු ද සිල්වා 22, ප්‍රවීන් අවිෂ්ක 20, අබීත චන්ද්‍රගුප්ත 20/3, අකිල මෙන්ඩිස් 28/2, කාවින්ද නදීෂාන් 43/2, විනුක දිල්ෂාන් 55/2)

ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 189
(ශේන දේෂාල් 59, දිනුක දිල්ෂාන් 39, යොහාන් සොයිසා 29, චමිඳු අනුෂ්ක 57/4, ප්‍රවීන් අවිෂ්ක 35/2, සුමුදු ප්‍රමෝද් 42/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...