. ධර්මපාල විදුහල එක්දින තරගය ජයගනී | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
ධර්මපාල විදුහල එක්දින තරගය ජයගනී
2019-04-09 17:07:23 | .

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මාපාල විද්‍යාලය අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක ජයක් ලැබීමට පන්නිපිටිය ධර්මාපාල විද්‍යාල සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා ගිය රාහුල විද්‍යාලයට පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 204 ක් පමණි. එහිදී චමුදිත නිෂාන් ලකුණු 42 ක්ද, සසිඳු අවිශ්ක ලකුණු 41 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට රාහුල විදුහල ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි වූහ. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ධර්මපාල විද්‍යාලය ඕවර 50 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 215 ක් රැස් කිරීමට සමත් විය. එහිදී විහඟ ගුණරත්න අර්ධ ශතකයකින් (55) ධර්මපාල ඉනිම ශක්තිමත් කළ අතර අවිශ්ක හසරින්ද (36) හා මලිත් සඳකැළුම් (25) පිත්තෙන් දක්ෂතා දැක්වූහ. 

තිමිර චන්දික සහ චමුදිත ඩිල්ෂාන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ධර්මපාල විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 215 
(විහඟ ගුණරත්න 55, අවිශ්ක හසරින්ද 36, මලිත් සඳකැළුම් 25, තරිඳු සඳරුවන් 24, ලක්ෂිත පුරසිංහ 23, තිමිර චන්දික 32/3, චමුදිත ඩිල්ෂාන් 45/3, සසිත් මනුරංග 38/2) 

රාහුල විද්‍යාලය ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 204 
(චමුදිත නිෂාන් 42, සසිඳු අවිශ්ක 41, පහන් බණ්ඩාර 24, දුලාජ් එගොඩගෙ 32/3, තරිඳු සඳරුවන් 25/2)

ජය ලැබූ පන්නිපිටිය ධර්මාපාල විද්‍යාල කණ්ඩායම

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...