. චෙන්නායි පිල පෙරමුණට එයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 20 වැනි සෙනසුරාදා
චෙන්නායි පිල පෙරමුණට එයි
2019-04-10 22:11:09 | .

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 23 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 10 ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 6 කට සහභාගි වූ චෙන්නායි කණ්ඩායම ඉන් තරග 5 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටියි.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් ඞෂ පන්ජාබ් කණ්ඩායම තරග 4 ක් ජයගෙන තරග 2 බැගින් පරාජය වී ප්‍රසාද ලකුණු 8 ක් ලබා සිටින නමුත් දල ලකුණු වේගය අනුව කොල්කා කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්, පන්ජාබ් කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

සන්රයිසස් හයිද්‍රාබාද්, මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් තරග 3 බැගින් ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටිති. එහිදී දල ලකුණු වේගය අනුව හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයටත්, මුම්බායි කණ්ඩායම පස්වැනි ස්ථානයටත්, කොල්කටා කණ්ඩායම හයවැනි ස්ථානයටත් පත්ව සිටිති.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඬේවිඞ් වෝනර් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 6 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 349 කි. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 100 වෝනර්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 87.25 ක් ලෙස සටහන් වේ.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කගිසෝ රබාඩා සමත් වී ඇති අතර තරග 6 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 11 කි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගැනීම රබාඩාගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට...
2019-04-16 12:50:36
ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කු...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
2019-04-18 13:53:06
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
මේ පාර ලෝක කුසලානය දිනන්න ඕනි නෑ. 2023 ලෝක කුසාලනය ඉලක්ක කරගෙනවත් ටීම් එක තේරුවනම් හොදයි. ක්‍රිකට් දන්න අය ගහපු හැටි අපි දැක්කා හොදටම. අලුත් ක...