. මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී
2019-04-17 20:23:33 | යොහාන් භාසුර

ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

ඉන්දියාවේ දැන් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටින මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ ලිපිය අද (17) පස්වරුව වන විට කොළඹ සකස් කර තිබූ බවත් එය හෙට (18) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කිරීමට නියමිතව තිබූ බවත් වාර්තා වේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කිරීම මෙම සමුගැනීමට ආසන්නතම හේතුව බව වාර්තා වේ.

අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඊයේ මාලිංගට නායකත්වයෙන් ඉවත්කිරීමට හේතු දුරකථනය ඔස්සේ පැහැදිළි කළ බව ද වැඩි දුරටත් දැනගන්නට තිබේ. 

ඔබේ ප්‍රතිචාර
sudath2019-04-18 12:02:30
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය නොදක්වන්නේ නම් ඉවත් කල යුත්තේ මාලිංග නොව සහයෝගය නොදක්වන්නය. විනය ඇතිව රට වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක් තේරීමට අනෙත් ක්‍රීඩකයන්ගේ ආකල්ප වැදගත් විය නොහැක.
Maraya2019-04-18 01:26:16

රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි වලින් මුලින්ම ක්‍රිකට් පුරුදු වෙන්නේ...... ඉස්කෝලේ කාලේ ඉදන් වැඓන අඩිතාලම තමයි උඩට එන්නේ..... මුල අමතක අය ඉන්නවාට වඩා හොඳයි යන එක..... 

 

 

nimal perera2019-04-18 03:44:42

මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ඔහුට ආදරෙයි...

චන්දන2019-04-20 12:58:48
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...