. ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති
2019-04-18 13:53:06 | යොහාන් භාසුර

එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා පිලේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් ඉවත් කරනු ලැබ තිබේ. හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ හිටපු උප නායක නිරෝෂන් දික්වැල්ල දෙදෙනාම මෙම සංචිතයෙන් ඉවත් කරනු ලැබ සිටිති. ඔවුන් දෙදෙනට අමතරව හිටපු ආරම්භක පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග දෙදෙනාත් මෑත කාලයේ සිටි සාර්ථකම දඟ පන්දු යවන්නකු වන අකිල ධනංජයත් ලෝක කුසලාන සංචිතයට ඇතුලත්ව නැත.  

දඟ පන්දු යවන්නන් වන ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන සංචිතයට කැඳවා සිටිති. නායකත්වයෙන් ඉවත් කළ ලසිත් මාලිංග සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සංචිතයට ඇතුළත්ව සිටියි. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

727584-01-02

Tharanga-30

ඔබේ ප්‍රතිචාර
Don2019-04-18 10:23:50

ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...