. කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි
2019-04-19 20:34:34 | ...

විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර කොල්කටාහිදී අද (19 වැනිදා) පැවැති තරගය ලකුණු 10 කින් ජය ගැනීමට බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි.

අර්ධ ශතක රැස්කළ නිතිෂ් රානා සහ ඇන්ඩ්‍රි රසල් පස්වැනි කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 118 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉලක්කය හඹාගියද අවසන් මොහොතේ ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිලිහි ගියහ. නිතිෂ් රානා පන්දු 46 කදී නොදැවී ලකුණු 85 ක් රැස්කළ අතර ඇන්ඩි්‍ර රසල් පන්දු 25 කදී ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 213 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු 58 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 100 ක් රැස්කළ විරාට් කෝලී බැංගලෝර් පිල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

මුයින් අලී සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 43 කද් ලකුණු 90 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කෝලී සමත්විය. පන්දු 28 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 66 ක් රැස්කරමින් කෝලීට අනගි සහයක් ලබාදීමට අලී සමත්විය.

කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 213
(විරාට් කෝලී 100, මුයින් අලී 66)

කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 203
(නිතිෂ් රානා නොදැවී 85, ඇන්ඩි්‍ර රසල් 65, ඩේල් ස්ටේන් 40/2)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...