. කළු පටි පැළදීමට අනුමැතිය | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
කළු පටි පැළදීමට අනුමැතිය
2019-05-01 17:20:08 | යොහාන් භාසුර

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලට විරෝධය දැක්වීමට සහ එයින් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස වෙනුවෙන් කණගාටුව පළකිරීම සඳහා මැලේසියාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ‘කළු පටි’ පැළද තරගවලට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ‘කළු පටි’ පැළඳ තරගවලට සහභාගි වීමට ජාත්‍යන්තර රග්බි සංගමය ලිඛිතව අවසර දී තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ජාත්‍යන්තර රග්බි සංගමය මෙම බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයට කණගාටුව පළකරමින් ලිපියක් ද යොමු කර ඇති බවයි.

“ලෝක රග්බි සංගමය එම ලිපිය මගින් අපේ කණ්ඩායමට මෙම මැලේසියානු සංචාරයේදී ‘කළු පටි’ පැළද ක්‍රීඩා කිරීමට අවසර දී තිබුණා. 4 වැනිදා පැවැත්වෙන තරගයේදී ‘කළු පටි’ පැළද ක්‍රීඩා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) රාත්‍රී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. මෙම තරගාවලියේ පළමු තරගය හෙට (02) පැවැත්වෙන අතර දෙවැනි තරගය 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

මැලේසියානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා විසින් නායක ඔමල්ක ගුණරත්නට නව කණ්ඩායම් බැනියම ප්‍රදානය කරන ලද අවස්ථාව.


(ඡායාරූප: ළහිරු හර්ෂණ)  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...