. මුම්බායි පිල සිව්වැනි අයි.පී.එල්. ශුරතාව දිනයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
මුම්බායි පිල සිව්වැනි අයි.පී.එල්. ශුරතාව දිනයි
2019-05-12 19:40:39 | .

හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණුක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර (2019) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි ක්‍රීඩකයෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක ශූරතාව දිනාගත් සිව්වැනි අවස්ථාව මෙන්ම මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ ඔවුන් එම ශූරතාවට හිමිකම් කී දෙවැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී චෙන්නායි ක්‍රීඩකයන්ට ලකුණු 9 ක ඉලක්කයක් හිමිවූ අතර ඉන් ලකුණු 4 ක්ම පළමු පන්දු 3 දී රැස්කිරීමට ඔවුහු සමත් වූහ.

කෙසේ වුවත් ඒ වන විට ලකුණු 80 ක් ලබා සිටි ෂේන් වොට්සන් සිව්වැනි පන්දුවේදී දෙවැනි ලකුණ කරා දිවයමින් සිටියදී දුවද්දී දැවී යෑමටකට හසුවීම චෙන්නායි කණ්ඩායමට විශාල පාඩුවක් බවට පත්විය. ඒ අනුව අවසන් පන්දු 2 තුළදී ලකුණු 4 ක් රැස්කිරීමේ වගකීම ශර්දුල් ඨාකුර්ට පැවරුණ අතර පස්වැනි පන්දුවේදී ලකුණු 2 ක් ලබාගත් ඔහු, අවසන් පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේ සිය කණ්ඩායමට පරාජය උරුමකර දෙමිනි.

වේගවත් පිතිහරඹයක නිතර වෙමින් චෙන්නායි කණ්ඩායම සාර්ථක අරාම්භයක් ලබාදුන් ෂේන් වොට්සන් පන්දු 59 කදී ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. සෙසු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ ෆෆ් ඩුප්ලෙසි පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් ලබා සිටියදී කෘනාල් පාණ්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ ක්වින්ටින් ඩි’කොක්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී ගියේය.

සුරේෂ් රයිනා (8), අම්බටි රයිඩු (1) සහ නායක මහේන්ද්‍ර සිං දෝනි (2) වැනි ප්‍රබල පිතිකරුවන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවීයෑම චෙන්නායි කණ්ඩායමට විශාල පාඩුවක් විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමිනි. චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන් රාහුල් චාහර් සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කරන් පොලාඞ් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 17 කදී හයේ පහර 4 ක් සමග ලකුණු 29 ක්ද, ඉෂාන් කිෂන් පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද රැස්කරමින් මුම්බායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ දීපක් චාහර් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේ නිලකුණු ඕවරයක්ද යවමිනි. මුම්බායි කණ්ඩයමේ පිතිකරුවන් අසරණ  කිරීම සඳහා චාහර්ට අනගි සහායක් දුන් ඉම්රාන් තාහීර් ලකුණු 23 කට කඩුලු 2 ක්ද, ශර්දුල් ඨාකූර් ලකුණු 37 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වූහ.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 149
(ක්වින්ටි ඩි’කොක් 29, රෝහිත් ශර්මා 15, සූර්යකුමාර් යාදව් 15, ඉෂාන් කිෂන් 23, කරන් පොලාඞ් නොදැවී 41, හර්දීක් පාණ්ඩ්‍යා 16, දීපක් චාහර් 26/3, ඉම්රාන් තාහීර් 23/2, ශර්දුල් ඨාකූර් 37/2)

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 148
(ෆෆ් ඩුප්ලෙසි 26, ෂේන් වොට්සන් 80, ඞ්වේන් බ්‍රාවෝ 15, ජස්ප්‍රීට් බුම්රා 14/2)

තරගාවලියේ විශේෂ සම්මාන
අවසන් තරගයේ වීරයා - ජස්ප්‍රීට් බුම්රා (මුම්බායි ඉන්දියන්ස්)
නැගී එන ක්‍රීඩකයා - ශුබ්මන් ගිල් (කොල්කටා න
යිට්රයිඩර්ස්)
විශිෂ්ඨතම උඩපන්දුව - කරන් පොලාඞ් (මුම්බායි ඉන්දියන්ස්)
හොඳම පන්දුවට පහරදීමේ වේගය - ඔන්ඩි්‍ර රසල් (කොල්කටා නයිට්රයිඩර්ස්)
වැඩිම ලකුණු ලාභියා - ඬේවිඞ් වෝනර් (සන්රයි
සස් හයිද්‍රාබාද්)
වැඩිම කඩුලු ලාභියා - ඉම්රාන් තාහිර් (චෙන්නායි සුපර්කිංග්ස්)
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා - ඔන්ඩි්‍ර රසල් (කොල්කටා නයිට්රයිඩර්ස්)

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...