. ලක්ෂ්මි ඉතිහාස පොතට එක්වෙයි | කෙළිමඬල
2019 මැයි මස 19 වැනි ඉරිදා
ලක්ෂ්මි ඉතිහාස පොතට එක්වෙයි
2019-05-14 19:31:20 | ...

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ මණ්ඩලයේ පළමු කාන්තා සාමාජිකත්වය හිමිකර ගැනීමට ඉන්දියාවේ ජී.එස්. ලක්ෂ්මී මහත්මිය සමත්වූවාය. මෙම පත්වීම ලබනවිට ජී.එස්. ලක්ෂ්මී 51 වැනි වියේ පසුවන්නීය. දින කිහිපයකට පෙර පිරිමි කණ්ඩායම් සහභාගීවු ජාත්‍යන්තර එක්දින තරගයක විනිසුරුවරයකු ලෙස කටයුතු කළ පළමු විනිසුරුවරිය වීමට ක්ලෙයාර් පොලොසැක් සමත්වූවාය.

2008-09 දේශීය කාන්තා තරග වාරයේදී පළමු වරට තරග තීරකවරියක ලෙස කටයුතු කළ ජී.එස්. ලක්ෂ්මී මහත්මිය ජාත්‍යන්තර කාන්තා එක්දින තරග 3 කදී සහ ජාත්‍යන්තර කාන්තා විස්සයි20 තරග 3 කදී තරග තීරකවරියක ලෙස කටයුතු කර තිබේ. 

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ජාත්‍යන්තර තරග තීරකවරුන්ගේ මණ්ඩලය සඳහා මාව තෝරා ගැනීම මට කරන ලද විශාල ගෞරවයක් මෙන්ම අලුත් මාර්ගයක් විවෘත කිරීමක්” යයි ලක්ෂ්මී මහත්මිය පැවසුවාය. ඉන්දීය ක්‍රීඩිකාවක ලෙස සහ තරග තීරකවරියක් ලෙස දිගු ඉතිහායක් මට තියෙනවා. ක්‍රීඩිකාවක සහ තීරකවරියක් ලෙස ඇති අත්දැකීම් ජාත්‍යන්තර තලයේදීද යොදැගැනීමට මම බලාපොරොත්තු වෙනවා යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙය අවස්ථාවක් කරගන්නවා ජාත්‍යන්තර ක්‍රිකට් සභාවට, ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට, මගේ ක්‍රිකට් ජිවිතයේ ජ්‍යෙෂ්ඨයින්ට, මගේ පවුලේ සාමාජිකයින්ට සහ පසුගිය වසර කිහිපයේදී මට උදව් කරපු සියලුදෙනාටම ස්තූති කිරීමට. මගේ උපරිමය යොදමින් ඉතා හොදින් රාජකාරිය කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ විනිසුරුවරුන්ගේ සංවර්ධන මණ්ඩලයේ පත්විම් ලබාගැනීමට ඕස්ටේ්‍රලියාවේ එලොයිස් ශෙරාඩාන් සහ ක්ලෙයාර් පොලොසැක් සමත්වූහ. ඒ අනුව සංවර්ධන මණ්ඩලයේ කාන්තා නියෝජනය 8 දක්වා ඉහළ නැංවිනි. ලෝරන් අජෙන්බැග්, කිම් කොටන්, ශිවානී මිෂ්රා, සූ රෙඞ්ෆර්න්, මේරී වෝල්ඩ්‍රන් සහ ජැකලින් විලියම්ස් නිලධාරී මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ වෙති.

බිග් බෑෂ් පිරිමි තරගාවලියේ තරග 2 ක අතිරේක විනිසුරුවරිය ලෙස කටයුතු කළ ශෙරිඩාන් එම තරග වාරයේ පැවැති බිග් බෑෂ් කාන්තා තරගාවලියේ තරග 4 කදී විනිසුරුවරියක ලෙස ඇය කටයුතු කළාය. 2018 ඔක්තෝබර් මාසයේදී පැවැති පිරිමි පළමු පෙළ ප්‍රීමියර් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරමින් ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් එම දස්කම කළ පළමු විනිසුරුවරිය ලෙස ඉතිහාස ගතවූවාය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...