. මහේල සමුගැනීමේ ලිපිය බාරදෙයි | කෙළිමඬල
2017 මාර්තු මස 29 වැනි බදාදා
මහේල සමුගැනීමේ ලිපිය බාරදෙයි
2014-04-10 16:21:25 | යොහාන් භාසුර

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන විස්සයි20 අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (10 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. මහේලගේ සමුගැනීමේ ලිපිය අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට බාර දුන් අතර ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා එම ලිපිය බාර ගත් බව ප‍්‍රකාශ කළේය.

මහේල එම ලිපිය පෙරේදා (09) ඊමේල් මාර්ගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමු කර තිබේ. එහෙත් එම ලිපිය මහේලගේ අස්සන සහිතව ඊයේ (10) පෙවරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාල්ටන් බර්නාඩස් මහතා මගින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලැබී තිබේ.

තමන් විස්සයි:20 අන්තර්ජාතික තරග වලින් සමුගැනීමේ තීරණය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් නොදී මාධ්‍යයට පැවසුවේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ මහේල ජයවර්ධන අතර ගැටුමක්ද නිර්මාණය වී තිබේ.

විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය 8 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී පැවැති මාධ්‍ය හමුවේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දොස් පැවරූ අතර තමන් විස්සයි:20 අන්තර්ජාතික තරග වලින් සමුගන්නා බව නිල වශයෙන් දැනුම්දීමට ලිපියක් රැගෙන පැමිණි බව ද මහේල පැවසීය.

මහේල මේ වන විට විස්සයි20 අන්තර්ජාතික තරග 55 කදී ශතකයක් සහ අර්ධ ශතක 9 ක් සමගින් ලකුණු 1,493 ක් රැුස්කර සිටින අතර එහි සාමාන්‍ය 31.76 කි. මහේල විස්සයි20 ලෝක කුසලාන අවසන් තරගයේදී ලකුණු 1,000 සම්පූර්ණ කරමින් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1,000 ක් සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා ලෙස බිදිය නොහැකි ලෝක වාර්තාවක් ද පිහිටුවීය.

කුමාර් සංගක්කාර ද ලෝක කුසලානයට පෙර අන්තර්ජාතික විස්සයි20 ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පැවසුව ද මේ දක්වා නිල වශයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැත.

ඉන්දික වරිය2014-04-10 18:48:48
මහේල ඔබ අති විශිෂ්ඨයි.....
අනිල්2014-04-10 19:29:38
මහේල ඔබ විස්සයි 20 තරග වලට කල සේවය අමරණියයි!!! සුබ පැතුම්.....
සුරංග2014-04-10 22:55:55
දැන් ඉන්න ක්‍රිකට් මණ්ඩලයට කොන්ද පණ නැහැ.!!! අර්ජුන රණතුංග කියන කතාව ඇත්ත !!!
හසාන්2014-04-10 23:04:28
ලෝක ක්‍රීකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ට ක්‍රීඩකයන්ගේ ශ්‍රේෂ්ඨ නික්මයාමක්....
ලලිත් කුමාර2014-04-11 04:32:32
හොඳ තීරණයක් සුබ පැතුම්
සාලිය2014-04-11 15:33:39
අපේ ක්‍රිකට් වෙනුවෙන් කළ සේවයට සුබ පැතුම්.....
සමීර2014-04-11 16:09:41
මහේල ඔයා අයින් වීම දුකක් ඒත් ඔයා කොන්ද කෙළින් තියෙන නායකයෙක් බව පෙන්නුවා . සංගා ඔයත් ලියුම දීලා පාලක මණ්ඩලයට පෙන්නන්න කොන්ද තියෙන නායකයෙක් බව...
ජීනා2014-04-11 16:37:13
අපේ මෝඩ දේශපාලුවන්ට කඩේ යන කොන්ද පණ නැති ක්‍රිකට් පාලක මණ්ඩලේට ඔබ හොඳ පාඩමක් ඉගැන්නුවා කොල්ලෝ..... ඔබට ජය වේවා !!!

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ඉසිපතනයට තියුණු ජයක්...
2017-03-26 21:48:55
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයේදී ලකුණු 22-17 ක් ලෙස ක...
පිටපාරේ ගිය ක්‍රීඩකයාටත් කුසලානයක්...
2017-03-22 19:34:55
‘ලයන්ස් ටොප් ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරුදායක අන්දමින් මෝටර් රථය පැදවූ නවක ක්‍රීඩකයකු ජයග්‍රාහකයෙක...
බැඩ්මින්ටන් නිලවරණය වැට උඩ ?...
2017-03-23 19:10:32
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය නොසළකාහරමින් අද (24 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වීමට එම සංගමය පත්...
ධර්මරාජයට දැවැන්ත ජයක්...
2017-03-26 21:54:36
අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) බෝගම්බරදී පැවැති තරගයේදී ලකුණු 45-12 ක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිර...