. මාලිංගගේ ඉරියව්ව මා වෙනස් කළේ නෑ - පළමු පුහුණුකරු | කෙළිමඬල
2018 නොවැම්බර් මස 18 වැනි ඉරිදා
මාලිංගගේ ඉරියව්ව මා වෙනස් කළේ නෑ - පළමු පුහුණුකරු
2014-04-11 21:47:11 | වේරගොඩගේ සජීව විජේවීර


ලසිත් මාලිංග සිය මුල් පුහුණුකරු කීර්ති ධර්මපි‍්‍රය මහතා සමග 

 

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ වාර්ෂික මළල කී‍්‍රඩා තරගයේ දී මීටර 100 ඉසව්වෙන් පළමුවැනියා වීමට නොහැකිව පශ්චාත්තාප වෙමින් සිටි කුඩා කොළු ගැටයා කි‍්‍රකට් පිටියට කැඳවාගෙන ගොස් ඔහු ලෝකයේ භයානකම වේගපන්දු යවන්නා බවට පත්කිරීමේ අඩිතාලම දැමුවේ ගාල්ල විද්‍යාලෝක විදුහලේ මළල කී‍්‍රඩා හා කි‍්‍රකට් පුහුණුකරු වූ තුසිත කාරියවසම් විසිනි.

”මල්ලි අඩන්නෙ නැතුව වරෙන් යන්න අපි කි‍්‍රකට් ගහමු” යැයි කියමින් තමන් ලසිත් මාලිංග කි‍්‍රකට් පිටියට කැඳවාගෙන ගිය බව තුසිත කාරියවසම් මහතා පවසයි.

මේ කී‍්‍රඩකයා විද්‍යාලෝක විද්‍යාලය වෙනුවෙන් කි‍්‍රකට් අතපොත් තැබුවේය.
ඔහුගේ ජීවිතයේ තවත් එක් කඩඉමක් වූයේ නෙළුව මහා විද්‍යාලය සමග නෙළුවේ දී පැවැති 17න් පහළ තුන්වැනි කාණ්ඩයේ කි‍්‍රකට් තරගයකි. මේ තර`ගය විනිශ්චය කිරීමේ යෙදී සිටියේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුවරයකු හා කි‍්‍රකට් පුහුණුකරුවා වූ කීර්ති ධර්මපි‍්‍රය මහතාය. ධර්මපි‍්‍රය මහතා මාලිංගට වෙනත් යෝජනාවක් කළේය. ඔහු එය සිහිපත් කරන්නේ මේ ආකාරයෙනි.

 

”මේ වනවිට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ අර්බුදයක් තිබුණා”
”විනය හේතු නිසා කණ්ඩායමේ කී‍්‍රඩකයන් පස් දෙනෙක් ඉවත් කරලා. අපිට වේග පන්දු යවන්නකුගේ අඩුවක් තිබුණා. ඒ නිසා මම මාලිංගගෙන් කෙළින්ම ඇහුවා මහින්දයට එන්න කැමති ද කියා. ඔහු කැමති බව කීවා” යයි එදා ඇතිවූ දෙබස් අදට ද කීර්ති සිහපත් කරයි.

 

මුල්ම පුහුණුකරු කීර්ති ධර්මපි‍්‍රය මහතා

”පුතා. මම මහින්දේ කෝච්. මට ඔයාට කණ්ඩායමේ ප්ලේස් එකක් අනිවාර්යයෙන් ම දෙන්න පුළුවන්. කැමති ද අපිට එකතු වෙන්න?” කීර්ති ධර්මපි‍්‍රය මහතා මාලිංගගෙන් විමසා සිටියේය. මාලිංග ඊට කැමැත්ත ප‍්‍රකාශ කළේය.

මාලිංගගේ නිවස අසළ පදිංචි මහින්ද විදුහලේ ගුරුවරයකු වූ කෝලිත මහතා ද මේ සඳහා විශාල දායකත්වයක් දුන්නේය. මාලිංගගේ දෙමාපියන් ද හමුවී ඒ ගැන කතා කළ කෝලිත මහතා ඔවුන්ගේද කැමැත්ත ගත්තේය.

මාලිංග මහින්දයට ගියද ඔහු විදුහලට බාර ගැනීම එවකට මහින්දයේ සිටි ඞී. කේ. අතුකෝරළ විදුහල්පතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කැරිණි. එහෙත් ලසිත්ගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අනුව උසස් පෙළ හැදෑරීමට මහින්දයට ගන්නා ලෙස යෝජනා කරන්නට කීර්තිට සිදුවිය. අවසානයේ විදුහල්පතිවරයා ඊට කැමැත්ත දුන්නේය.

 

 

මහින්ද විද්‍යාලීය කණ්ඩායම සමග හිටගෙන මැද පෙළෙහි දකුණු පැත්තේ සිට දෙවැන්නා ලසිත් මාලිංග ය.

 

විද්‍යාලෝක විදුහලේ දී උසස් පෙළ ගණිතය හැදෑරීමට සිටි මාලිංග, මහින්දයේ කෘෂිකර්ම විෂය හැදෑරීම සඳහා ඇතුළත් වූයේ ඔහුගේ ජීවිත බලාපොරොත්තු කණපිට පෙරලමිනි.
කීර්ති මහතා කියන කතාව මාලිංග සනාථ කරන්නේ මේ ආකාරයෙනි.

”මට මහින්දයට එන්න කියපු වෙලාවේ ලොකු සතුටක් දැණුනා”
”මම ගණිත අංශයෙන් උසස් පෙළ කරමින් සිටියේ. නමුත් මහින්දයේ ගණිත අංශයේ ඉඩ නැහැ කිව්වා. ඒත් මම මහින්දයට ආවා. ඇවිත් කි‍්‍රකට් ගැහුවේ වාසනාවට ද අවාසනාවට ද කියා මම දන්නේ නැහැ. විද්‍යාලෝකේ එක මැච් එකකට විතරක් සෙල්ලම් කරලා මහින්දේ බිග් මැච් තුනකට සෙල්ලම් කළා” ලසිත් මාලිංග පැවසීය.

ලසිත් මාලිංග කි‍්‍රකට් කී‍්‍රඩාවේ හිණිපෙත්තටම ගමන් කිරීමේ මුල් පියවර තැබුවේ මහින්දයෙන් වුවද ඔහු සිය ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ තිරාණගම විද්‍යාතිලක විද්‍යාලයෙනි. එම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ලකුණු 141ක් ලැබූ මාලිංග අනතුරුව විද්‍යාලෝක විද්‍යාලයට පැමිණියේය.

 

 

 ඕල්කොට් පාසල් ශූරතාව දිනාගත් මහින්ද විද්‍යාලයීය කණ්ඩායම

 

සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මාන හතරක් හා සම්මාන තුනක් සහිතව විභාගය සමත්වූ මාලිංග ගණිත විෂයට දැක්වූයේ අසාමාන්‍ය හැකියාවකි. එහෙත් එයට කි‍්‍රකට් කී‍්‍රඩාව හරස් වූයේය. මාලිංග එදා ඒ ගැන පශ්චත්තාප වුව ද දැන් ඔහුට කණගාටුවක් දැනෙන්නේ නැත.

ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි:20 ලෝක කුසලාන දිනූ දවසේ මහ ? එකට පමණ කීර්තිගේ දුරකථනය නොනවත්වා නාද වන්නට විය. නින්දේ සිටි කීර්ති ඇමතුම ගත් විට එහා පැත්තේ සිටින්නේ ලසිත් මාලිංග නම් ලෝක කුසලානය දිනූ ශී‍්‍ර ලංකා නායකයාය. ඔහු ලෝක කුසලාන දිනාගත් මොහොතේ සිය පුහුණකරු වූ කීර්තිට කතා කළේය.

කීර්ති පවසන්නේ මාලිංග ඔහුගේ සමකාලීන කී‍්‍රඩකයන්ට වඩා වේගයෙන් පන්දු යැවීමේ සමත්කමක් දැක්වූ බවයි. මේ වේගයත් අමුතු රිද්මයත් නිසා ප‍්‍රතිවාදී කී‍්‍රඩකයෝ පන්දු තේරුම්ගත නොහැකිව දැවී ගියහ.

”මාලිංග මුල්ම තරගය කී‍්‍රඩා කලේ බූට්ස් දෙකක්වත් නැතිව. පස්සේ මෙයා මහින්දයේ කි‍්‍රකට් ගහද්දී මම දැක්කා මෙයාගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා, පන්දුව මුදාහරින අවස්ථාවේදී දකුණු පාදය පොළොවේ හැපීමෙන් එයා අපහසුතාවට ලක්වෙනවා”

පුහුණුකරුවාගේ මේ නිරීක්‍ෂණයත් සමගින් මාලිංගගේ අළුත්ම බූට් දෙකෙන් දකුණු පාදයේ මහපට ඇ`ගිල්ල තිබෙන ස්ථානය ඇගිල්ලක හැඩය සිටින ලෙස කපන්නැයි කීර්ති ඔහුට උපදෙස් දුන්නේය. ඒ උපදෙස පිළිපැදීමේ ප‍්‍රතිඵලය වූයේ මාලිංග වයිඞ් පන්දු යැවීම නතර වීමයි. ඔහුට නිවැරදි එල්ලය ලැබිණි.

කීර්ති පවසන්නේ ලසිත් පන්දුයවන්නකු ලෙස පමණක් නොව පිතිකරුවකු ලෙස ද මහින්දයේ දී දස්කම් දක්වා ඇති බවයි.

ලසිත් විද්‍යාලයීය කණ්ඩායමට එක්වූවාට පසු පැවති මුල්ම තර`ගය පැවතියේ මොරටුව වේල්ස් කුමර විදුහලත් සමගිනි. මහින්දය පරාජය අබියසය. මහින්ද පිතිකරුවෝ එකා දෙන්නා ආපසු හැරී කී‍්‍රඩාගාරයට පැමිණෙති.

ලසිත් ටිකක් වේලාසනින් පන්දුවට පහරදීමට පිටියට යැවිණි. ඔහු පිටියේ දිගට හරහට පහර දෙමින් මහින්දය පරාජයෙන් බේරාගත්තේය. ඔහු එදා ගැසූ දැවැන්ත හයේ පහර දෙකක් ගාලූ පාරේ ගිය වාහන දෙකක වීදුරු කුඩුකර තිබිණි.

”නාලන්දා විද්‍යාලය සමග පැවති තරගයකත් අපේ අවසන් පිතිකරුවන් දෙදෙනාට පන්දුවාර 25 ක් විතර ඉතිරිව තිබුණා. අපිව පරාජයෙන් බේරාගන්න මේ දෙන්නා ඉන්න  ඕනෑ. ටිකක් උඩින් ආපු ලසිත් ඒ වෙනතුරු කඩුල්ලේ හිටියා. එදා අපිට තරගය බේරාදුන්නේ ලසිත්. අනිත් අන්තයේ එක්කෙනාව බේරාගෙන අර පන්දුවාර 25 ම නාලන්දා කී‍්‍රඩකයන්ව වෙහෙසට පත්කරා”

ලසිත් මාලිංග ජාතික සංචිතයට තෝරාගැනෙන්නේ රිච්මන්ඞ් විදුහලේ ආදි සිසුවකු වූ චම්පක රාමනායකගේ මැදහත් වීමෙනි.

පිතිකරුවන් බියෙන් සලිත කරන්නට සමත් මේ පන්දුයවන්නා නිරීක්ෂණය කළ චම්පක ඔහුට ගාලූ කී‍්‍රඩා සමාජයේ දොරටු විවරකර දුන්නේය. ඒ වනවිටත් දිස්ති‍්‍රක් කණ්ඩායමටත් පළාත් කණ්ඩායමටත් තේරී සිටි මාලිංග චම්පක රාමනායක යටතේ පුහුණුව ලැබීම ඔහුගේ ගමන වේගවත් කරන්නට හේතුවක් විය.

මහින්ද විද්‍යාලය

ජාතික මට්ටමට ප‍්‍රවේශ වූ මාලිංගට බොහෝ පුහුණු කරුවන් හමුවිය. ඒ පුහුණු කරුවන් ඔහුට කවර උපදෙස් ලබා දුන්න ද මාලිංග ඒ උපදෙස් පිළිපැදීමට පෙර තම පළමු කි‍්‍රකට් පුහුණු කරුවා වූ කිර්ති අමතන්නට අමතක කරන්නේ නැත.

”දවසක් මාලිංග මට කතා කරලා ඇහුවා ලෝක ප‍්‍රසිද්ධ වේග පන්දු පුහුණු කරුවෙක් කියනවා කියා පන්දු යැවීම උඩ පැත්තෙන් හදාගත්තොත් වැඩි ඉපිලීමක් ගන්න පුළුවන් කියා. සර් මම ඒක කරන්න ද කියා මගෙන් ඇහුවා.

”මම කිව්වා ඒ දේනම් කරන්න එපා කියා. එයාගේ විශේෂත්වය මේ පන්දු යැවීමයි. ඒ විදියට අත දානනිසා ඔයාට උඩින් පන්දු යවන්න බැහැ කියා මම කිව්වා. ලසිත් ඒක පිළිගත්තා. අර ප‍්‍රසිද්ධ පුහුණුකරුවා කී දේ එදා ලසිත් කළේ නැහැ”

කීර්ති ධර්මපි‍්‍රය මහතා පවසන්නේ ලසිත් මුල් දින කිහිපයේ කොතරම් වයිඞ් පන්දු යැවුව ද තමන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් නොකළ බවයි.

”හැම කෙනෙකුටම රිද්මයක් කලාවක් තියෙනවා. ලසිත් ගේ ඉරියව්ව වෙනස් කරමු කියා ගොඩක් අය යෝජනා කළා. නමුත් මම කවදාවත් ඒකට කැමැති වුණේ නැහැ. ඒ රිද්මය වෙනස් කළා නම් අද ලෝකයේ භයානකම වේග පන්දුයවන්නා අපිට ලැබෙන්නේ නැහැ”

කීර්ති දැන් ලසිත් මාලිංගට උපදෙස් දෙන්න නොගිය ද තවමත් මාලිංග සෑම තර`ගාවලියකට ම පෙර කීර්ති මහතා ඇමතීමට අමතක කරන්නේ නැත. එමෙන් ම දක්ෂ පාසල් කී‍්‍රඩකයකු රටේ කොහේ දී හෝ දුටුවොත් ඒ ගැන කීර්ති මහතාට කියන්නට ද ලසිත් අමතක කරන්නේද නැත.

එවැනි කී‍්‍රඩකයන්ගෙන් මහින්දයට යන්න කැමතිදැයි අසන මාලිංග ඔවුන්ට මහින්දයේ දොරටු විවර කර දෙයි.

”මාලිංග කියන්නේ පුදුම  හිත හොඳ කොල්ලෙක්. හැමෝම සමග ඉතා මිත‍්‍රශීලීයි” කීර්ති ධර්මපි‍්‍රය මහතා අවසන් වශයෙන් එසේ කීවේය.

ඔබේ ප්‍රතිචාර
ලලිත් අරඹවෙල2014-05-31 07:51:10

කීර්ති ධර්මප්‍රිය වගේ පුහුණුකරුවෙක් අපට ඕනෑ. 2015 දී මහ තරගය දිනන්න මහින්ද කණ්ඩායම හදන්න ඒ වගේ කෙනෙකුට පුළුවන් වේවි.

වසන්ත මහින්ද 86 කණ්ඩායම2014-04-18 15:02:40
කීර්ති ධර්මප්‍රිය ඔබ නියම ගුරුවරයෙක් . තද විනයක්‌ ඇති ක්‍රිකට් පුහුණු කරුවෙක්. ඔබගේ මනා පුහුණුව දුරදිග දක්නා නුවණ තුලින් මාලිංග වැනි ක්‍රීඩකයකු බිහිවුනා. ඔබට මහින්ද 86 කණ්ඩායමේ ප්‍රණාමය සහ ගෞරවය පිළිගන්වනවා. තව තවත් මෙවැනි මාලිංගයන් බිහිකිරීමට ඔබට ශක්තිය ලැබේවා. නොසැළී ඉදිරියටම යන්න.
නිශාන්2014-04-19 10:26:47
මම හිතන්නේ මේ බන්දුලයා කණ්ඩායමේ ස්ථානයක් නැතිවෙච්ච කෙනෙක්ද? කොහේද!!!
ගම්මන්පිල​2014-04-14 13:00:25
නලින් ලියා ඇති කරනා සමග මමද එකනග වන අතර, බූට් එකේ දකුනු මාපැටගිල්ල අසල කරන ලද වෙනස් කිරීමත්, රිද්මය සහ පන්දව තිරසට ආනතව මුදා හැරීමේ අනන්න්‍යතාව වෙනස් නොකල මෙම ක්‍රීඩා උපදේශකයානන් ගේ දුරදක්නා ඥානයත්,ඕස්ට්‍රේලියානු ක්‍රීඩා විශෙශඥ වය්ද්‍යවරුන් මාලින්ගගේ අනාගත හන්දී ආබාධ අවම කිරීමට දින 5 හේ ටෙස්ට් ක්‍රීඩා නොකරවීමට අවවාද කිරීමත් ගැන අප සියලු දෙනා ඒ අයට ක්‍රතඥ විය යුතුය​.
රංජිත්2014-04-14 03:37:48
එදා අපේ දුප්පත් විද්‍යාෙලා්කේ පාවලා දීලා මහින්දෙට එකතු වුණා. කෙලෙහි ගුණ දන්නේ නෑ....
ඩී.ආර්. ප්‍රනාන්දු2014-04-14 08:48:51
ඇයි මාව දන්නේ නැද්ද? නිකන් වැඩක් බලන් යනා මනුස්සයෝ යන්න...
ජයේ අයියා2014-04-14 03:36:27
හොඳ මාලිංග පුතා වගේ දැන් ඉතින් අයි.පී.එල්. එකට ගිහිල්ලා හොඳට හම්බ කර ගන්න. පරම්පරා ගාණකටම. ඩොලර් වලට කොච්චර මාලිංග ආදරේද කියලා අපිට අමතක නැහැ.
අබේරත්න2014-04-12 15:38:24
කාගේත් අඩුපාඩු තියෙනවා. එවා හදා ගෙන විනයගරුක කෙනෙක් වෙන්න.
කැළණියවංශ හිමි2014-04-12 16:18:37
ඔබයි අපේ හදවත. ස්තූතියි... සුබ පැතුම්.....
ශසිල හේෂාන්2014-04-12 17:48:47
කදිමයි මාලි අයියේ
නලින්2014-04-16 14:39:49
බන්දුල මහත්තය ඔයා ක්‍රිකට් ක්‍රිඩාවට ආදරය කරනවානම් ඔය වගේ කතා කියන්නෙනෑ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මනුස්සයො මම හොදට අදුරනව ඒගොල්ලන්ට තරගය මොකක්ද කියන එක වැඩක්නෑ අයිපීඑල්, බිග් බෑෂ්, බීපීඑල්, සීපීඑල් කියන එක අදාල නෑ මොකක් හරි මැච් එකක් වීමයි අදාල උදාහරන විදියට ගත්තොත් මම ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් විදියට මම ගහනව බලන්න ආසම පිතිකරුවෙක් තමයි විරාට් කොලි කියන්නෙ ඒවගේම තමයි මම කැමතිම පන්දු යවන්න තමයි ලසිත් මාලින්ග. අනික මේ චන්දිමාල් කියන්නෙ හොද අනාගතයක් තියන නායකයෙක් ලන්කාවෙන් ඉදිරියට බිහිවෙන ඔහුට මහෙල සන්ගගෙ උදව් හම්බුනෙ නෑ කියල කියන එක අමූලික බොරුවක් ඔයාට පුලුවන් නම් ගිහින් චන්දිමාල් ගෙන් අහල බලන්න කවුද චන්දිමාල්ට ඔතනට එන්න සල්ලිවලින් ආදාර කෙරුවෙ කියල එතකොට චන්දිමාල් කියයි. මට පේන්නෙ ඔයා මෙ අපේ ක්‍රිකට් පාලක මන්ඩලේ ඉන්න දුශිත නිලදාරින් කරනව වගේ අපේ ටීම් එක කොටවන්න හදනව වගේ....
ගීත2014-04-15 03:41:42
කසුන්, ඔයා තරගය රූපවාහිනියෙන් නැරඹුවද? පිටිය මැද හිටපු ඇත්ත නායකයා කව්ද කියන්න එක එහෙම වුණා නම් පෙනනේන ඕන. ලංකාවේ මාධ්‍ය විතරක් නෙමෙයි විදෙස් මාධ්‍ය විචාරකයින් පවා ඒක දුටුවා.
බන්දුල පෙරේරා2014-04-15 17:15:43
නලින්ද මහත්තයට කුසුමට ,මාලින්ගව පේන ආකාරයට වඩා ගොඩක් වෙනස් විදියට ක්‍රිකට් ක්‍රීඩාවට ඒකෙ මහත්මා ගුණයට ආදරය කරන කට්ටියට මාලින්ගව පෙන්නේ...මාලිංගට නායක කම් නොලැබුණේ නුසුදුසු නිසා මිසක් වෙන මුකුත් නිසා නෙමෙයි.දක්ෂතාවය එකක් නායකත්ව හැකියාව තව එකක්..සමහර අයට මේ දෙකම තියෙනවා..සමහර අයට එකක්වත් නැහැ.අයි පී එල් වෙනුවෙන් , මුදල් වෙනුවෙන් කල නින්දිත ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක් හේතුවෙන් තමයි මාලිංගට කොච්චර කෙල හැලුවත් නායකත්ව දොර වැසුනේ..මාලිංග පබයෙක් කියල මාලිංගගේ නායකත්වය යටතේ තිබුණු තරග තුනේදී අපි දැක්ක..නායකයෙක් කියන්නේ නායකයෙක්.ජෙෂ්ටයන්ගේ අත්ල මත නැටවෙන රූකඩයක් නෙමෙයි.මහේලට සංගට චන්දිමාල් දිරෙව්වෙ නැති බව ක්‍රිකට් ගැන දන්නා කට්ටිය දන්නවා. මොකද චන්දිමාල් නායකයෙක් මිසක් පබයෙක් නොවූ නිසා..ඉතින් අපි බලමු ඉදිරියේදී පබයෙක් නායකත්වය දරන හැටි අපේ 20/20 ක්‍රිකට් ක්ෂේත්‍රයේ.එකේ ප්‍රතිපල ඊලග ලෝක කුසලානයේදී අපිට ලැබේවි.
සමීර2014-04-16 22:26:41
මාලිංග අපේ රටට සම්පතක්. මොට්ට, ඉරිසියාකාරයොත් ඉන්නවනේ අපේ රටේ. මුන් අරින්න ඕන ඉන්දියාවටම....
කුසුම්2014-04-16 17:38:58
බන්දුල මහත්මය,මට හිතෙන හැටියට ඔලමොට්ටල ක්‍රිකට් බලධාරීන්ගේ පඹයෙක් වෙනවා වෙනුවට මහේල, සංඝා වැනි ලොව සුපතල ක්‍රිකට් මහත්වරුන්ගේ පඹයෙක් වෙන එක කාටත් හොඳයි. චන්දිමාල් විතරක් නොවේ, තිරිමාන්න, කුසල්, සචිත්‍ර මේ අයත් දක්ෂයෝ තමයි. අනිවාර්යයෙන්ම මොවුනුත් අපේ අනාගත නායකයෝයි. එත්, දැන්ම නෙවෙයි. අප ලද ජයග්‍රහණයෙන් පසුව ඉන්දීය නායකයා පවසා තිබුනා, ඔවුන් ලද පරාජයට හේතුව මාලිංගගේ සහ කුලසේකරගේ උපක්‍රම ශීලි පන්දු යැවීම බව. ඉතින් ආයේ අපි මොනවා කතා කරන්නද? බන්දුල මහත්මය, ඔබ කුඩාකල හොඳින් කලා යයි මා හට හැඟෙන "ටකරේ" ක්‍රීඩාව ගැන කතාකලොත් නරකද?
කුසුම්2014-04-13 15:54:03
බන්දුල මහත්මය, කොරහේ කිඹුලෙක් දැකල අපටත් කිම්බුලෙකු පෙන්වන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා වගෙයි. ලෝකයේම සිටින භයානක පන්දු යවන්නා වශයෙන් හඳුන්වන මාලිංගට t 20 කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක්‍රිකට් බලධාරීන් මුලදී කටයුතු නොකිරීම ගැන තමයි අපට නම් පුදුම. එත් අපේ රටේ තැනකට එන්න හැකියාව විතරක් මදිනේ, නිවට කම ඉහලින්ම තියෙන්න ඕනනේ. නවසීලන්තය සමග පැවති අර්ධ අවසන් පුර්ව තරගයේ මාලිංගගේ නායකත්වය කැපී පෙනුන. හැබැයි අපේ සමහර මාධ්‍ය නම් පුනපුනා අපට ඒත්තු ගන්වන්නට හැදුවේ, කණ්ඩායමේ සිටි අනෙක් නායකයන්ගේ උපකාරයෙන්ම ජයග්‍රහණය සඳහා ඉවහල් වූ බවයි. ඒ කොහොම උනත්, සංඝා, මහේල වැනි ලොව පිළිගත් ක්‍රිකට් මහත්වරුන්ටත් අපරටේ ඔලමොට්ටල නිලධාරීන් සලකන විදිහ අප දුටුවා. ඒ ගැන හිතත්දිත් ප්‍රේක්ෂකයන් වශයෙන් විශාල කණගාටුවක් ඇති වෙනවා. බන්දුල මහත්මයෝ, අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ක්‍රිකට් ගහන්නේ, කොන්ඩයෝද, තට්ටයෝද කියන දේ, අපට වැදගත් නැහැ. ඔවුන්ගේ ජාතක කතාවද අපට වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ සබැ දක්ෂතා මත කණ්ඩායමේ සාමුහිකව ක්‍රීඩා කිරීම පමණයි. මාලිංග ඇතුළු ජයග්‍රාහී අපගේ ක්‍රිකට් කණ්ඩායමට අපගේ ශුභ පැතුම්!!!
චින්තක​2014-04-15 09:51:15
වීර මහත්තයෝ, නායකත්වය පරිත්‍යාග කරන්නෙ කොහොමද ? අප්පගෙ අම්මගෙ බුදලයක් නෙවි. යන්න කිව්වම යන්න ඕන​. චන් දිමාල් ට නුසුදුසු වයසෙදි බර පටවපු එක ක්‍රිකට් ලොක්කන් ගෙ වරදක්. මාලිංග කවුද කියන එක ලෝකෙම දැකල ඉවරයි. කුහකයන් ඉරිසියාවෙ පැලුනට අපි මොනව කරන්න ද ?
බන්දුල පෙරේරා2014-04-15 21:59:47
කට්ටිය කියන විදියට වේග පන්දු යවන්නන් රහිත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවක් ඉදිරියේදී බිහි වේවි.හැම එකාම අබාධ එනවා කියල ටෙස්ට් නොගහ ඉදිවී..කණ්ඩායමේ තැනක් නැති කොට ඔය මුකුත් අබාධ නැහැ..තැනක් හැදිලා නමක් හැදෙන කොට තමයි හැම ආබාධයක්ම එන්නේ.අපි කොන්දේ බැදපු චීන්නු නෙමෙය් ගම්මන්පිල මහත්තයෝ. අනෙක් කිය යුතු දේ ක්‍රීඩා අමාත්‍යවරයා අනුමත කරලා නායකත්වයක් යටතේ පිලක් තේරුවම ඒ නායකත්වය වෙනස් කරන්න කණ්ඩායම් තොරන්නන්ට බැහැ.නායකයාගේ අවශ්‍යතාවය මත තමයි කණ්ඩායම තීරණය වෙන්නේ.චන්දිමාල් බැහැ කිව්වනම් මාලිංගට අකුලා ගන්න වෙන්නේ.චන්දිමාල් කියන්නේ මාලිංග වගේ සල්ලි පෙරේතයෙක්වත් කුහකයෙක්වත් නෙමෙයි..ඒකයි කට්ටියට එකතු වෙලා චන්දිමල්ට කටුව ගහන්න පුළුවන් වුනේ..
නිංජා2014-04-21 18:30:04
හූ
අතුකෝරල2014-04-12 00:52:24
අනේ ...........මහින්දටත් එපා වෙචිච කිර්ති රිචිමන්ඩ් එකට එනන කැමති නැද්ද?
ජගත්2014-04-12 05:33:23
අනේ මම දන්නේ නැහැ..... අවුරුද්දකට විතර කලින් පට්ට පතුරු ගැහුවා කොල්ලව...දැන්නම් හැමෝටම හරිම හොඳයි. මට හිතෙන්නේ පත්තරකාරයෝ මිනිසෙක්ව ඇති කරන්නත්, නැති කරන්නත් දන්නවා....
චමිල රාජකරුණා2014-04-12 07:58:03
ලසිත් මාලිංග ගැන හොඳ ලිපියක්...
බන්දුල පෙරේරා2014-04-12 08:38:33
අම්මප... දැන් බලපුවාම මේ ඉන්නේ වෙන මාලිංග කෙනෙක්නෙ..පහුගිය ටිකේ පත්තරකාරයෝ ටි වී කාරයෝ ජාතකෙත් හොයා හොයා පලු ඇරියේ වෙන මාලිංග කෙනෙක්ද කොහෙද? අයි පී එල් ගහන්න ඕන හින්ද ටෙස්ට් ගහන්නේ නැහැ කියපු මාලිංග නෙමෙයිද කොහෙද? කොන්ත්‍රාත්තුවට ලැබෙන ගාන මදි වෙලා මල පැනල එලියට එනකොට පත්තර කාරයන්ට ඇදුණුත් එක්කම මුණ ගලවල දීල හෙළුවෙන් ගිය මාලිංග නෙමෙයිද කොහෙද.? කොහොම උනත් අපේ රටේ 20/20 ට අබ සරණයි මේ කප් එකත් එක්කම.... මෙඉන්නේ වෙන මාලිංග කෙනෙක් නෙමෙයිනම් හෙට අනිද්දාට අපේ රටේ 20/20 ක්‍රීඩාව අයි පී එල් එකට උගස් තියල ගාන කපයි අපේ පරණ රත්ගම කොණ්ඩ මාලිංගයනම් ඉස්තිරවම..
පී.ටී.එම්.සංජය අබේවර්ධන බණ්ඩාර2014-04-12 09:22:19
ලසිත් මාලිංග ඔබ අපට මහත් නිහතමානි ආඩම්බරයකි ඔබ නිහතමානිව ඉදිරියට සියළු ක්‍රීඩකයන්ගේද සහාය ඇතිව 2015 ලෝක කුසලානය රැගෙන එන්න වාසනාව ලැබේවා. ඒ එක්කම අපේ කම හොඳ විනය රැකගෙන ලංකා මාතාවගේ හොඳ බෞද්ධ දරුවකු ලෙස ලොකයට හඩක් නගන්න හැකිවේවායි හදවතින්ම පතමි...
වීර2014-04-12 11:35:31
අපට ලෝක කුසලානය දිනාදුන් නායකයා දැන් වීරයා වෙලා ආත්ම වර්ණනා කරගන්න මාලිංග නොව රට වෙනුවෙන් තම නායකත්වය පරිත්‍යාග කල නිහතමානි මහත්මාගති ඇති චන්දිමාල්ය. මාලිංගගේ අතිශයෝක්ති කතා වලින් ඔහු තුල නායකත්වයට ඇති කෑදර කම මනාව පිළිබිඹු වේ. මුදලට රටද දෙවෙනි කරන මාලිංග වැන්නෙක්ට ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වය දුන්නොත් එයම 20-20 කණ්ඩායමේ අවසානය වේ.ලෝකයේ අංක 1 පන්දු යවන්නා වුවද මාලිංග යනු උපක්‍රමශීලි නායකයෙකු නොව මහේලගේ අල්ලේ නැටවුණු රූකඩයක් පමණි.
නලින්2014-04-12 17:53:29
සමහර මිනිස්සු ඉන්නව ක්‍රිකට් මැච් බලන්න කැමති නැති, තව සමහරු ඉන්නව මුදලට කමෙන්ට් කරන අය සහ තවත් එක් කොට්ටාසයක් ඉන්නව යුරාජ්ගෙ ගෙදරට ගල් ගහපු මානසිකත්වය තියන කුහක මිනිස්සු දිනන දාට හොදයි කියල එක දවසක් විකට් ගන්න බැරි උනොත් අම්බානකට බනින. ඔය කියන කොටස් තුනේ මිනිස්සු මාලින්ගට කැමතිනෑ නමුත් මම දකින විදියට මාලින්ග කියන්නෙ නිහතමානී තමන් උපතින් අරගන ආපු දක්ශතවයෙන් උපරිම ප්‍රයොජනය ගන්න පුද්ගලයෙක් කිසිම දවසක් පිට්ටනියෙදි ප්‍රතිවිරුද්ද ක්‍රිඩකයෙකුට බැනින්නෙ නෑ අන්න ඒක නිසයි නිහතමානී කියල කියන්නෙ. තවත් දෙයක් කියන්න තියනව මාලින්ග ඔතනට ආවෙ තමන්ගෙ දක්ශ තාවයෙන් මිසක් කාටවත් ගොට්ට අල්ලා නෙමෙයි ඒක හින්ද ක්‍රිකට් පාලක මන්ඩලේ ඉන්න දූශිත නිලදාරින්ගෙ වැඩට එරෙහිව නැගී සිටින්න තරම් කොන්ද පන තියෙන පොලොවෙ පයගහල ඉන්නෙ මිනිහෙක්.
ගීතා2014-04-12 21:51:03
මාලිංග ඔබට සුබ අනාගතයක්
ඩී.වී.යසිරු ප්‍රභාෂණ2014-04-12 23:10:18
ඔය සියලු විස්තර ඇත්තය.මහින්දේ cricket තැනකට ගෙනාවේ කීර්ති සර් මිසක් වෙන කෙනෙක් නොවේ ඒත් දැන් මේ වැටිලා තියෙනෙ තත්වෙන් මහින්දෙ ගොඩගන්න පුලුවන් කීර්ති සර් ට විතරයි.

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...