. මුම්බායි පිලත් අවසන් 4 ට එයි | කෙළිමඬල
2017 අපේ‍්‍රල් මස 24 වැනි සඳුදා
මුම්බායි පිලත් අවසන් 4 ට එයි
2014-05-26 17:20:13 | .


ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (25) පැවැති පළමු වටයේ අවසන් තරගයේදී අනපේක්‍ෂිත ජයක් ලැබූ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

මුම්බායි පිල පළමු වටයේ තරග අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පැමිණීයේය.

මුම්බායිහි වැන්කඬේ ක‍්‍රීඩාංණයේදී පැවැති මෙම තරගයේදී රාජස්ථාන් පිලට එරෙහිව ශුද්ධ ලකුණු වේගය පවත්වා ගනිමින් ජය ලැබීමට මුම්බායි පිලට පන්දු 87 කින් හෙවත්  ඕවර 14.5 කදී ලකුණු 190 ක දැවැන්ත ඉලක්කයක් කරා යාමට සිදුවිය.

ඇදහිය නොහැකි පිතිහරඹයක් ප‍්‍රදර්ශනය කළ මුම්බායි පිතිකරුවෝ  ඕවර 14.4 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 195 ක් රැස්කරමින් ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. මුම්බායි පිල සහ රාජස්ථාන් පිල තරග 7 බැගින් ජය ලබා ප‍්‍රසාද ලකුණු 14 බැගින් ලබා සිටියි.

මුම්බයි පිල වෙනුවෙන් අති විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ, ලොව වේගවත්ම එක්දින අන්තර්ජාතික ශතක වාර්තාවට ද හිමිකම් කියන නවසීලන්ත පිලේ ප‍්‍රවේගකාරි පිතිකරු කෝරි ඇන්ඩසන් පන්දු 44 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් තරග 10 කට සහභාගි වී කඩුලූ 16 ක් සහභාගි වී එංගලන්ත සංචාරයට පිටත්ව ගියේය.

මුම්බායි පිල තරග 10 කට සහභාගි වී තරග තුනක් පමණක් ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ සිටි අතර ඉතිරි තරග හතරම ජය ලබමින් අවසන් වටයට පැමිණීම කැපී පෙනේ.


රාජස්ථාන් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 189
(සංජු සැම්සන් 74, කරුන් නයිර් 50, බ‍්‍රැඞ් හොජ් නොදැවී 29, ජේම්ස් ෆෝක්නර් 23)

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 14.4 කදී කඩුලූ 5 ට 195
(මයික් හසී 22, කොරි ඇන්ඩසන් නොදැවී 95, රෝහිත් ශර්මා 16, අම්බාටි රයිදු 30, ධාවල් කුල්කරනි 42/2, කෙවොන් කූපර් 38/2)

 

කණ්ඩායම තරග  ජය පරාජ වි. නැති  ප‍්‍ර. ලකුණු සාමාන්‍ය
කිංග්ස් XI පන්ජාබ්  14 11 3 0 22 1.968
කොල්කටා නයිට්රයිඩර්ස් 14 9 5 0 18 0.418
චෙන්නායි සුපර් කිංග්ස්  14 9 5 0 18 0.385
මුම්බායි ඉන්දියන්ස් 14 7 7 0 14 0.095
රාජස්ථාන් රෝයල්ස් 14 7 7 0 14 0.06
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 14 6 8 0 12 -0.399
බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් 14 5 9 0 10 -0.428
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 14 2 12 0 4 -1.182

 

- 048   

 


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ළාබාල ඒරන්ගෙන් ලොකු හපන්කමක්...
2017-04-18 20:25:01
තායිලන්තයේ බුරිරැම් ජාත්‍යන්තර ධාවන පථයේදී පැවැති ආසියානු මාර්ග ධාවන යතුරුපැදි ශූරතාවලියේ දෙවැනි අදියරේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්&zw...
සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි...
2017-04-22 20:49:26
තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රු...
සෙරීනා විලියම්ස් මව් පදවිය සොයයි...
2017-04-21 21:04:31
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රී...
ඉම්රාන් ඛාන් මැජික් මිලියන් කුසලානය ගෙනෙයි...
2017-04-17 13:19:25
රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන නුවර එළිය තුරඟ තරගාවලි මාලාවේ තෙවැනි අදියරේ ප්‍රධානතම තරගය වූ ‘මැජික් මිලියන් කුසලාන’ ත...