. මැතිව්ස් සහ සගයෝ තවත් පියවරක් ඉහළට | කෙළිමඬල
2017 මැයි මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
මැතිව්ස් සහ සගයෝ තවත් පියවරක් ඉහළට
2014-06-04 12:05:57 | .

එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයේදී ලබාගත් කඩුලූ 6 ක විශිෂ්ට ජයත් සමගින් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉහළට නැගීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

තරගාවලිය ආරම්භ වීමට පෙර, මැයි මස 20 වැනිදා පැවැති ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රේණිගත ලකුණු 111 ක් ලබා ඒ වන විට 3 වැනි ස්ථානයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ පිරිවර ඊයේ (3 වැනිදා) බර්මින්හැම්හිදී ලබාගත් ජයග‍්‍රහණයත් සමගින් ශ්‍රේණිගත ලක--ුණු 112 ක් ලබා දෙවැනි ස්ථානය ගෙන ඇත. ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 115 ක් හිමිකරගෙන සිටින  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි.

මැයි 20 වැනිදා වන විටත් දෙවැනි ස්ථානයේ සිටි ඉන්දියාව (ශ්‍රේණිගත ලකුණු 112) තුන්වැනි ස්ථානය දක්වා වැටී ඇත්තේ තුන්වැනි දශම ස්ථානය දක්වා ගනණය කිරීමේදී ඇතිවන වෙනස අනුවය.

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටි එංගලන්තය (ශ්‍රේණිගත ලකුණු 110), ශී‍්‍ර  ලංකාව හමුවේ තරගාවලිය පරාජය වීමත් සමගින් පස්වැනි ස්ථානය දක්වා ඇදවැටී තිබේ.

එක්දින ක්‍රිකට් හිණිපෙත - 2014 ජූනි 04 වැනිදා වන විට

ශ්‍රේණිය කණ්ඩායම තරග ප්‍රසාද ලකුණු ශ්‍රේණිගතලකුණු
1 ඕස්ට්‍රේලියාව 35 4020 115
2 ශ්‍රී ලංකාව 59 6613 112
3 ඉන්දියාව 53 5923 112
4 දකුණු අප්‍රිකාව 32 3486 109
5 එංගලන්තය 41 4450 109
6 පාකිස්තානය 47 4716 100
7 නවසීලන්තය 31 3031 98
8 බටහිර ඉන්දීය කොදෙව් 40 3744 94
9 බංග්ලාදේශය 23 1683 73
10 සිම්බාබ්වේ 20 1228 61
11 ඇෆ්ගනිස්ථානය 9 304 34
12 අයර්ලන්තය 9 297 33
සමන් රත්නසිරි2014-06-06 13:00:52
ඔහොම යං, පළමු තැනත් ගමු.
සනත්2014-06-05 06:40:25
ඔහොම යං, ඔහොම යං.... ඒකත් ගමු....
සම්පත්2014-06-05 13:35:48
එළ එළ
නඩරාජා2014-06-05 02:12:21
සුබ පැතුම් ශ්‍රී ලංකා කොල්ලනේ. ඉක්මනින්ම ඔබ අංක එක වෙයි. එය රැක ගන්න. හැමදේම සාර්ථක වෙන්න කියා පාර්ථනා කරනවා.
කෝලි2014-06-04 21:25:12
ඔහොම යං.....
කැලුම්2014-06-04 21:26:34
ලංකාවට කප් එක ගේනවට සුබ පැතුම්....
ප්‍රදීප් සඳරුවන්2014-06-04 13:14:10
ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක්.... සිංහයන්... සුබ පැතුම්....

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :

ශ්‍රී ලංකාවට කඩුලු 9 ක පහසු ජයක්...
2017-05-23 22:43:08
ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනී...
මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වෙයි...
2017-05-24 17:00:33
එංගලන්තයේදී ලබන 01 වැනිදා ආරම්භ වන ‘අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සුපිරි වේග පන්...
ස්කොට්ලන්තය ශ්‍රී ලංකාව පරදවයි...
2017-05-22 13:05:22
ආරම්භක පිතිකරුවන් වූ කයිල් කොයිට්සර් සහ මැතිව් ක්‍රොස් දෙදෙනාම ශතක ලබාගැනීම නිසා ජවය ලද ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩාය...
ශ්‍රී ලංකාව පහළට ඇද වැටීමේ අවදානමක්...
2017-05-24 18:48:02
මැලේසියාවේ ඉපෝ නුවරදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව ශ...