. කි‍්‍රස් ගේල් 7000 සමාජයට | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 20 වැනි බ‍්‍රහස්පතින්දා
කි‍්‍රස් ගේල් 7000 සමාජයට
2014-06-12 21:07:40 | .

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තම සිය වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප‍්‍රවේගකාරී පිතිකරු කි‍්‍රස් ගේල්, එහිදී ටෙස්ට් ලකුණු 7000 සීමාවද ඉක්මවා යෑමට සමත්විය.

බ‍්‍රයන් ලාරා, ශිව්නරීන් චන්ද්‍රපෝල්, විවියන් රිචඞ්ස්, ශී‍්‍රමත් ගාෆීඞ්ල්ඞ් සෝබර්ස්, ගෝර්ඞ්න් ගිනිච්, ක්ලයිව් ලොයිඞ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් ටෙස්ට් ලකුණු 7000 සීමාව ඉක්මවා ගිය බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අතරේ ගේල්ට ඉදිරියෙන් සිටිති.

මේ වන විට ටෙස්ට් තරග 100 කට සහභාගිවී ඇති ගේල්, එහිදී ඉනිම් 176 ක් තුළ ශතක 15 ක් සහ අර්ධ ශතක 35 ක් සමගින් ලකුණු 7007 ක් රැස්කරගෙන තිබේ.

එහිදී ඔහුගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමන්‍ය 41.95 ක් ලෙස සටහන්වේ.
ශ්‍රී ලංකාවට එරෙහිව 2010 වසරේ ගාල්ලේ පැවති ටෙස්ට් තරගයකදී රැස්කළ ලකුණු 333 ගේල් ඉනිමක ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස හැදින්වේ.

2000 වසරේ මාර්තු මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ කි‍්‍රස් ගේල්, එදා මෙදා තුර තම ටෙස්ට් කි‍්‍රකට් දිවිය තුළ හයේ පහර 90 ක් සහ හතරේ පහර 1021 ක් එල්ල කිරීමට සමත්වී තිබේ. මේ වන විට 34 වැනි වියේ පසුවන ගේල්, ටෙස්ට් තරග වලදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 72 කි.

එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 42.23 ක් වන අතර ඉනිම හොඳම පන්දුයැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 34 කට කඩුලූ 5 ක් දවාගැනීමයි. මෙම ටෙස්ට් තරග 100 තුළදී ගේල් රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 92 කි.

 

ක්‍රීඩකයා  තරග   ඉනිම   ලකුණු   වැ.ල.   සාමාන්‍ය   ශතක    අර්ධ ශතක 
බ්‍රයන් ලාරා            130            230      11,912  400*          53.17               34                  48
ශීවනරියන් චන්ද්‍රපෝල්             154            263      11,327  203*          52.19               29                  63
විවියන් රිචඩ්ස්             121            182         8,540              291         50.23               24                  45
ගැරී සෝබස්                93            160         8,032  365*          57.78               26                  30
ගෝඩන් ග්‍රීන්ච්             108            185         7,558              226         44.72               19                  34
ක්ලයිව් ලොයිඩ්             110            175         7,515  242*          46.67               19                  39
ඩෙස්මන්ඩ් හේන්ස්            116            202         7,487              184         42.29               18                  39
ක්‍රිස් ගේල්             100            176         7,007              333         41.95               15                  35

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
2018-09-15 21:25:10
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 වැනිදා) පැවැති තරගයේ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
ධනුෂ්ක එයි - ෂෙහාන් යයි...
2018-09-13 19:43:35
ඩුබායිහිදී අනිද්දා (15) ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිලේ ප්‍රවේගකාරී පිතිකරු ධනුෂ්ක ගුණතිල...
මැතිව්ස් සමාව අයදී...
වැරදීම මිනිස් ගතියකි. වැරදීමට සමාවදීම දේව ගතියකි. එහි කිසිදු තර්කයක් නොමැත. අප ඔබලාට සමාව දෙන්නෙමු. නමුත් අප‍ට තිබෙන ගැටලුවලට නම් ඔබලා පිළිතුරු සපයන්...
මැතිව්ස් සමාව අයදී...
ඔක්කොටම ඉස්සෙල්ලා ටීම් එකෙන් ඉවත් කරන්න ඕනේ... මෙයාට ඕනේ සල්ලි විතරයි. රටට කුමක් වුවත් කමක් නැහැ. ...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
නොසැලකිල්ල නිසා අපරාදෙ අපි පැරදුණා. බැරිනම් නැවත ලංකාවට එන්න ඩිල්රුවන්... ...
ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශයට දැවැන්ත ජයක්...
වහාම ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කරන්න. මොහු දැන් නායකත්වයට සුදුසු නැත. මීට වඩා හොඳයි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව දැම්මා නම්... ...
බංග්ලාදේශයට හොඳ අභියෝගයක්...
මම නම් හිතන්නේ ඇෆ්ඝනිස්ථානය පෙරමුණට එයි කියලයි. ...