. සංගා - මහේල සම්බන්ධතා ලයිස්තුවේ 3 වැනි තැනට | කෙළිමඬල
2017 දෙසැම්බර් මස 15 වැනි සිකුරාදා
සංගා - මහේල සම්බන්ධතා ලයිස්තුවේ 3 වැනි තැනට
2014-06-14 19:39:29 | .


එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (14 වැනිදා) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් පැවැත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට ලෝකයේ හොඳම සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන්ගේ ලයිස්තුවේ 3 වැනි ස්ථානය අත්කරගෙන සිටිති.

මේ වන විට ටෙස්ට් තරග 112 කදී එක්ව කී‍්‍රඩා කරමින් ලකණු 6115 ක සම්බන්ධතා ගොඩනංවා සිටින මහේල සහ සංගක්කාර දෙදෙනාට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනාත් (6920) අසූව දශකයේදී කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් යුගළය වූ ගෝර්ඞ්න් ගි‍්‍රනිජ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් (6482) දෙදෙනාත්ය.

ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සංගක්කාර සහ මහේල දෙදෙනාගේ 17 වැනි ශතක සම්බන්ධතාව එයයි.

 

ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර ඉහළම සම්බන්ධතා පැවැත්වූවෝ..

පිතිකරුවෝ කාලය තරග ලකුණු හොඳම සම්බන්ධතාව සාමාන්‍යය ශතක සම්බන්ධතා
රාහුල් ද්‍රාවිඩ් - සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 1996-2012 143 6920 249 50.51 20
ගෝර්ඩ්න් ග්‍රිනිජ් - ඩෙස්මන්ඩ් හේන්ස් (බ.ඉ.කෙදෙව්) 1978-1991 148 6482 298 47.31 16
මහේල ජයවර්ධන - කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 2000-2014 112 6115 624 57.1 17
මැතිව් හේඩ්න් - ජස්ටින් ලැන්ගර් (ඕස්ට්‍රේලියාව) 1997-2007 122 6081 255 51.53 14
ඇලිස්ටෙයාර් කුක් - ඇන්ඩෲ ස්ට්‍රෝස් (එංගලන්තය) 2006-2012 132 5253 229 40.4 14
SANJEEWA2014-06-16 15:45:38
ශ්‍රී ලංකා කොල්ලෝ වසයි... මහේල සංගා මගෙන් සුබ පැතුම් ......!
හේමන්ත2014-06-14 21:47:52
බලන්නකෝ හොඳම සමිබන්ධතාවය ..... ආයේ වෙන මොන කතාද ?
තිළිණ2014-06-15 06:32:50

අඩුම තරග සංඛ්‍යාවක් සහ හොඳම සාමාන්‍යය...ඔබ දෙදෙනාටම සුබපැතුම්..

කුමාර2014-06-18 09:39:12
නියමයි..... හොඳම සම්බන්ධතාවය
රවී2014-06-18 11:38:12
එදා අර්ජුන අරවිංද අද මහේල සංගා...
සසංක2014-06-15 10:47:17
මහේල සහ සංගා ඔබලා නියමයි... මගෙන් සුබපැතුම් !!!
ආනන්ද2014-06-15 17:12:21
ශ්‍රී ලංකා කොල්ලෝ වසයි... මහේල සංගා මගෙන් සුබ පැතුම් ......!
ඩිල්ෂාන්2014-06-16 10:14:25

නියමයි...දිගටම ඔහොම යන්..මේ ලයිස්තුවේ මුලටම එන්න ඔබ දෙදෙනාට පුළුවන්

අනිල්2014-06-16 18:04:21

මහේල - සංගා, තව නොබෝ දිනකින්ම ඔබ දෙදෙනා මේ ලයිස්තුවේ මුලටම ඒවි.ඔබ දෙදෙනාගේ මිතුරු බැදීම කෙතරම් දැයි තේරුම් ගැනීමට මෙහි ඇති පින්තූරයම ප්‍රමාණවත්.දෙදෙනාටම සුබ පැතුම්!


නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දෝනිව දවාගත්තා නම්......
2017-12-11 19:04:24
වසර 17 ක වාර්තාවක් අලුත් කිරීමට තිබූ අනගි අවස්ථාවක් මහේන්ද්‍ර සිං දෝනි විසින් වළක්වන ලදි. ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති...
ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්...
2017-12-10 11:50:11
පරාජයන් වැළකට තිත තබමින් සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ධර්මසාලාහිදී අද (10 ව...
ඉන්දියාවට ලකුණු 141 ක ජයක්...
2017-12-13 20:00:06
රෝහිත් ශර්මාගේ (නොදැවී 208) විශිෂ්ට පිතිහරඹය හමුවේ චන්දිගාර්ඞ්හිදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 141 ක්...
ශ්‍රී ලංකාව පීඩනයෙන් මිදෙයි...
2017-12-12 21:13:18
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්...