. බ‍්‍රැඞ්මන්ගෙන් පසු විශිෂ්ටතමයා සංගක්කාරද | කෙළිමඬල
2017 ජූනි මස 28 වැනි බදාදා
බ‍්‍රැඞ්මන්ගෙන් පසු විශිෂ්ටතමයා සංගක්කාරද
2014-06-16 09:28:51 | සෑම් ෆෙරිස් විසිනි (පරිවර්තනය : දමින්ද විජේසූරිය)

දෙවැනි ලෝක යුද්ධය පැවැති 1948 දී ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්දා පටන් ලෝ පුරා කි‍්‍රකට් විචාරකයන්ගේ නිමා නොවන සංවාදය වූයේ බ‍්‍රැඞ්මන්ගෙන් පසුව බිහිවූ හොඳම පිතිකරුවා කවුරුන්ද යන්නයි.

විවියන් රිචඞ්ස් (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), බැරී රිචඞ්ස් (දකුණු අපි‍්‍රකාව), ග‍්‍රැහැම් ගූච් (එංගලන්තය) සහ ග්‍රෙග් චැපල් ( ඕස්ටේ‍්‍රලියාව) ආදී සියල්ලන්ම ඒ සඳහා සලකා බැලූන නමුත් කිසිවකුට බ‍්‍රැඞ්මන් අසළට ළංවීමට නොහැකි විය. කෙසේ වෙතත් ටෙස්ට් තරග 200 වාර්තාවත්, එතෙක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව සහ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් තිබූ ආත්ම ධෛර්යයත් සලකා බලන කල්හි බ‍්‍රැඞ්මන්ගෙන් පසුව ‘විශිෂ්ටතම පිතිකරුවාට’ හිමි කිරුළ සචින් තෙන්ඩුල්කාර්ට උරුම වෙතැයි බොහෝ දෙනාගේ නිගමනය විය.  

එහෙත් සිය 36 වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින්, ලෝකයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටින කුමාර් සංගක්කාරගේ නමත් මේ සංවාදය සඳහා ඇතුළත් කළ යුතු යයි කිසිවකු කියනු ඇසේ.

මේ අලංකාර වමත් පිතිකරුවා මේ වන විට ටෙස්ට් තරග 123 කදී ලකුණු 11,298 ක් ලබා සිටින අතර එහි ඉනිමක සාමාන්‍යය ලකුණු 58.53 කි. ටෙස්ට් තරග 25 කට වැඩියෙන් කී‍්‍රඩා කර ඇති පිතිකරුවන්ගේ ඉනිමක සාමාන්‍යය ගෙනහැර බැලූවහොත් සංගක්කාරට වඩා ඉදිරියෙන් සිටින්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්, එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් සහ කෙන් බැරින්ටන් දෙදෙනාත්  සහ බටහිර ඉන්දීය කොදෙව් හි එවර්ටන් වීක්ස් පමණි.

ටෙස්ට් තරග 25 කට වැඩියෙන් කී‍්‍රඩා කළ පිතිකරුවන් අතරේ හොඳම සාමාන්‍යය හිමි කී‍්‍රඩකයෝ

  තරග ඉනිම නොදැවීම ලකුණු සාමාන්‍යය වැ.ලකුණු ශතක
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව) 52 80 10 6996 99.94 334 29
හර්බට් සුට්ක්ලිෆ් (එංගලන්තය) 54 84 9 4555 60.73 194 16
කෙන් බැරින්ටන් (එංගලන්තය) 82 131 15 6806 58.67 256 20
එවර්ටන් වීක්ස් (කොදෙව්) 48 81 5 4455 58.61 207 15
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 123* 210 17 11298 58.53 319 36

ඉතාමත් පැහිදිළිව කියතොත් සංගක්කාර සිටින්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ වංශවතුන් අතරය. එහෙත් ඔහු විසින් පවත්වාගෙන එන ලද සංඛ්‍යාත්මක දත්ත මඳක් ගැඹුරට විශ්ලේෂණය කර බලන්න. මෙම ආකර්ශනීය වමත් පිතිකරුවා, කඩුලූ රකින්නාගේ භූමිකාවට පණපොවමින් සිටි තරග හැර, පිතිකරුවකු වශයෙන් කී‍්‍රඩා කළ තරගවල සංඛ්‍යාත්මක දත්ත විමසා බැලූවහොත් ඔබ මවිත වනු නිසැකය.

සංගක්කාරගේ ටෙස්ට් තරග වාර්තාව 

  තරග ලකුණු සාමාන්‍යය වැ.ලකුණු ශතක
කඩුලු රකින්නකු වශයෙන් 48 3117 40.48 230 7
පිතිකරුවකු වශයෙන් 75 8181 70.52 319 29
එකතුව 123* 11298 58.53 319 36

පිතිකරුවකු වශයෙන් ඔහුට කළහැකිව තිබුණ යමක් වේද, කඩුලූ රකින්නකු වශයෙන් කටයුතු කළ කාලයේදී ඊට බාධා ඇතිවූ බව ඉතාම පැහැදිළිය. එහෙත් කඩුලූ රැුකීමේ අත් ආවරණ ඔහුගෙන් ඉවත් කළහොත් ඔහුට මෙවැනි සාර්ථක පිතිකරුවකු විය හැකියයි කිසිවකු අනාවැකි නොකියන්නට ඇත.

සංඛ්‍යාත්මක වශයෙන් ගෙනහැර බැලූවහොත්, තර්කානුකූලව මෙන්ම ප‍්‍රායෝගිකව පිතිකරුවකු වශයෙන් පමණක් සංසන්දනය කිරීමේදී, බ‍්‍රැඞ්මන්ට පමණක් දෙවැනි වන්නා සංගක්කාරය. එමෙන්ම පසුගිය වසර 15 ක කාලය පුරා අප අතරේ කතාබහට ලක්වූ සචින් තෙන්ඩුල්කාර් (53.78), රිකී පොන්ටිං (51.85), ජැක් කලිස් (55.37), බ‍්‍රයන් ලාරා (52.88), රාහුල් ද්‍රාවිඞ් (52.31), මොහොමඞ් යූසුෆ් (52.29), ෂිව්නරීන් චන්ද්‍රපෝල් (52.19) සහ තවත් එවැනි කි‍්‍රකට් කී‍්‍රඩාවේ මෑත කාලීන දැවැන්තයන්ට වඩා සංගක්කාර ඉදිරියෙන් සිටී.

පිතිකරුවකු වශයෙන් පමණක් කී‍්‍රඩා කිරීමේදී සංගක්කාර තමාගේ සියලූම ප‍්‍රතිවාදීන් කෙරෙහි අනුකම්පා විරහිතව කටයුතු කර තිබේ. සිය මවුබිමේදීද නැතහොත් විදේශයකදීද කියා එහි වෙනසක් නැත.

එංගලන්ත පිල හමුවේ (සාමාන්‍යය ලකුණු 43.80 කි) ඔහු තරමක් දුර්මුඛ වූවද ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අඩුවෙන් හඳුනන පසුපෙළ සාමාජිකයන් වන බංග්ලාදේශය (124.00) සහ සිම්බාබ්වේ (140.50) කෙරෙහි ඔහු කිසිදු අනුකම්පාවක් දක්වා නැත.

ඒ අතරවාරයේදී සිය මවුබිමේ පමණක් ඇති, ලෝකයේ වෙනත් කොතැනක හෝ දක්නට නොමැති, ද`ග කැවෙන සුළු තණතීරු ඔහු වඩාත් පි‍්‍රයකරන ස්ථාන වී ඇති බවද නොරහසකි.

පිතිකරුවකු වශයෙන් ඒ ඒ ප‍්‍රතිවාදීන් හමුවේසංගක්කාරගේ ලකුණු ලබාගැනීම්

  තරග ලකුණු සාමාන්‍යය වැ.ලකුණු ශතක
ඕස්ට්‍රේලියාවට එරෙහිව 7 764 63.66 192 1
බංග්ලාදේශයට එරෙහිව 10 1612 124 319 7
එංගලන්තයට එරෙහිව 9 657 43.8 152 3
ඉන්දියාවට එරෙහිව 9 937 66.92 219 4
නවසීලන්තයට එරෙහිව 8 606 55.09 156* 3
පාකිස්තානයට එරෙහිව 15 1803 75.12 211 6
දකුණු අප්‍රිකාවට එරෙහිව 9 1079 63.47 287 3
කොදව් පිලට එරෙහිව 6 442 55.25 150 1
සිම්බාබ්වේ පිලට එරෙහිව 2 281 140.25 270 1

පිතිකරුවකු වශයෙන් ශී‍්‍ර ලංකාවේදී සහ ඉන් පිටතදී සංගක්කාරගේ ටෙස්ට් දස්කම්  

  තරග ලකුණු සාමාන්‍යය වැ.ලකුණු ශතක
මවුබිමේදී 39 4283 77.87 287 16
ප්‍රතිවාදීන්ගේ රටවලදී 30 3216 64.32 319 11
මධ්‍යස්ථ රටවලදී 6 682 62 211 2

පිතිකරුවකු වශයෙන්  ඕනෑම අකාරයේ ලෝක කණ්ඩායමකට සංගක්කාර තෝරා ගැනෙන්නේ කිසිදු විවාදයකින් තොරවය. එහෙත් බොහෝ අවස්ථාවන්හිදී සංගක්කාර දෙස බැලෙන්නේ කඩුලූ රකින පිතිකරුවකු දෙස බැලෙන දෘෂ්ටිකෝණයෙනි.

විවිධ අවස්ථාවන්හිදී තෝරාගන්නා ලද ලෝක කණ්ඩායම් වලට සංගක්කාර එක්නොවූ හේතුවත්,  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩම් ගිල්කි‍්‍රස්ට් එක්වූ හේතුවත් පහත වගුවෙන් පැහැදිළි වනු ඇත. ඇරත් ගිල්කි‍්‍රස්ට් පන්දු 100 කින් ලකුණු 81.95 ක් ලබාගන්නා හෙයින් ප‍්‍රතිවාදී පිල පීඩනය පත්කිරීමේදී එය ඉහළ වටිනාකමක් ගනී.  

කඩුලු රකින්නන්ගේ පිත්තේ දස්කම්
  තරග ලකුණු සාමාන්‍යය වැ.ලකුණු ශතක
ඇන්ඩි ෆ්ලවර් (සිම්බාබ්වේ) 55 4404 53.7 192 12
ඇඩම් ගිල්ක්‍රිස්ට් (ඕස්ට්‍රේලියාව) 96 5570 47.6 204 17
ලෙස්ටර් ඒමිස් (එංගලන්තය) 44 2387 43.4 149 8
මැතිව් ප්‍රයර් (එංගලන්තය) 75 3920 40.83 131* 7
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 48 3117 40.48 230 7
මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දියාව) 83 4459 38.77 224 6
බ්‍රඩ් හැඩින් (ඕස්ට්‍රේලියාව) 57 3033 35.26 169 4
ඇලෙක් ස්ටුවර්ට් (එංගලන්තය) 82 4540 34.92 173 6
බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) 52 2803 34.18 185 5

සෑම් ෆෙරිස් විසින්  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ්අඩවියට සපයන ලද ලිපියක පරිවර්ථනයකි. 

සුදේශ් පෙරේරා2014-06-21 22:13:53
ලෝකයේ හොඳම ක්‍රීඩකයා සංගක්කාර ...
හුසේන්2014-06-17 07:21:03
හැමදාම විශිෂ්ඨයාබෙ තමා.
සෞම්‍ය වෛජයන්ත2014-06-18 23:33:20
මගේ ප්‍රියතම පිතිකරුවා සංගා.....
සුරංජිත්2014-06-17 08:07:15
බ්‍රැඩ්මන් ගැහුවේ කබ්බන්ටනේ....
සලීත්2014-06-17 08:23:13
වීරසිංහ, කිසිම සැකයක් නෑ. මා දුටු විශිෂ්ටත ක්‍රීඩකයා ඔහු තමා..
ඉෂාර චානක2014-06-16 18:48:57

ලෝකයේ හොඳම ක්‍රීඩකයා සංගක්කාර තමයි

සත්‍යජිත් විජයබාහු2014-06-28 16:51:33
සංගා ඔබ ක්‍රීඩකයෙක් වගේම ආචාරශීලී මහත්මයෙක් ....
ග්‍රේට් එච්2014-12-08 16:08:06
මතකද ඔස්ට්‍රේලියාවෙ දි ගහපු 192 ක, වැරදි තීරණයක් නොදුන්නනම් එදා ඔස්ට්‍රේලියාව පරදිනවා, එදා ඔස්ට්‍රේලියන් කාරයන්ට බ්‍රැඩ්මන් ව මතක් වෙන්න ඇති.
තත්සරණි2014-06-23 10:44:00
ලෝකේ හොඳම දක්ෂම ක්‍රීඩකයා සංගා.... අපි හැමදාමත් ඔයාට ආදරෙයි....
සුරංග2014-06-17 18:46:00
මම දකින හොඳම ක්‍රීඩකයා සංගා.... මගේ සුබ පැතුම්....
එස්2014-06-17 18:47:56
මම දකින හොඳම ක්‍රීඩකයා සංගා.... මගේ සුබ පැතුම්....
සේනක ධර්මසිරි2014-06-17 19:37:16
සත්තයි.... මොහුට සම කළ හැකි කිසිවෙක් දැන් නෑ..... ඉදිරියටත් නැති වෙයි....
මනෝජ්2014-06-18 01:08:03
ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක්.....
ඇන්ටන්2014-06-18 02:08:14
සනත් ඇන ගත්තා වගේ දේශපාලනයට දාලා මඩ ගහන්නද වීරසිංහ මහත්තයෝ....
ඇන්ටන්2014-06-18 02:09:52
සමාවන්න වීරසිංහ. ප්‍රසන්න අදහසට...
ශානක2014-06-18 08:16:27
ප්‍රසන්න ක්‍රීඩාවයි දේශපාලනයයි පටලවා ගන්න එපා. මම නම් හිතන්නේ නෑ සංගා එච්චර මෝඩයි කියලා.
ආරච්චි2014-06-18 11:13:39
සංගා විශිෂ්ඨයි වගේම නිහතමානී කෙනෙක්.... අපේ උණුසුම් සුබ පැතුම්....
රංජන් ෆොක්ස්ලි2014-06-19 10:00:43
මා දුටු විශිෂ්ටතම ක්‍රීඩකයා ඔහු තමා.. සංගා විශිෂ්ඨයි වගේම නිහතමානී කෙනෙක්.... අපේ උණුසුම් සුබ පැතුම්.... !!!!
තේමිය2014-06-19 11:13:31
මම දකින හොඳම ක්‍රීඩකයා සංගා.... මගේ සුබ පැතුම්....දේශපාලනය පටලවා ගන්න එපා
බුද්ධික2014-08-25 16:14:33
අපේ වැඩ්ඩා සංගා තමා !!!
රොෂ්2014-06-17 13:15:52
විශිෂ්ඨතම ක්‍රීඩකයා ඔබ විතරයි සංගා....
කේ.එන්. දිසානායක2014-06-17 13:11:28
ඔහු තමයි කෙනා....
ඉන්දිකා2014-06-17 13:42:51
ඔහුගේ හැකියාවන් පිළිබඳ කිසිම සැකයක් නෑ. ලෝකයේ හොඳම ක්‍රීඩකයා ඔහුයි. බ්‍රැඩ්මන්ට වඩා හොඳයි. නියමයි සංගා...... ඉදිරියටම යන්න.
විරාජ් ලියනගේ2014-06-22 13:52:12
අද හොඳම ක්‍රීඩකයන් අතර අංක එක සංගා...
උදාර වික්‍රමසිංහ2014-06-23 12:56:28

මෙවන් ලිපියක් පරිවර්තනය කර පළකිරීම ගැන ස්තුතියි.

ප්‍රියන්ත2014-06-18 22:41:58
ඇත්තෙන්ම විශිෂ්ඨයි.... ඉතාමත් නිහතමානී ක්‍රීඩකයෙක්. මම හිතන්නේ දැනට ලෝකයේ ඉන්න ක්‍රීඩකයන් අතරින් හොඳම කෙනා තමයි සංගක්කාර....
කැපිලා2014-06-20 03:07:46
දක්ෂතාවයත් නිහතමානීකමත් උගත් කමත් බැලුවහම ඔබයි ලෝකයේ විශිෂ්ඨයා සංගා....
මහින්ද2014-06-20 10:16:39
අවි වාදයෙන්ම සංගා තමයි අති විශිෂ්ටයා ශ්‍රී ලාංකික අපිට එක අඩම්බරයක් . අපේ සුබ පැතුම්!
උපජීව2014-06-19 13:43:54
ඔහු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් ලෝකයෙන්ම
කුමාරරත්න නගසිංහ2014-06-16 14:42:42

මා ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි

වීරසිංහ2014-06-16 20:26:20

කිසිම සැකයක් නෑ. මා දුටු විශිෂ්ටතම ක්‍රීඩකයා ඔහු තමා..

හේමන්ත පෙරේරා2014-06-17 00:19:50
ලෝකයේ විශිෂ්ඨතම පිතිකරුවා සංගක්කාරයි
ගයාන් සිල්වා2014-06-17 05:12:45
ක්‍රිකට්වලින් විතරක් නෙවෙයි මහත්මයෙකු වශයෙනුත් සංගා අතිවිශිෂ්ටයි...
තුශාරි2014-06-17 12:19:09
ඔහු තමා විශිෂ්ඨයා..... ලක්මවගේ අභිමානය
අනුර2014-06-19 07:14:36
අදහස් නෑ.... විශිෂ්ඨයන්ගෙන් විශිෂ්ඨයා...
වසන්ත2014-06-17 13:00:29
මම දකින හොඳම ක්‍රීඩකයා සංගා.... මගේ සුබ පැතුම්....
දමින්ද හර්ෂජිත්2014-06-17 15:22:06
සුබ පැතුම් ශ්‍රී ලංකා කොල්ලෝ.....
ක්‍රිෂාන්ත2014-06-17 13:06:17
හොඳයි !!!
රේණුක2014-06-17 17:02:01
මා දුටු විශිෂ්ටතම ක්‍රීඩකයා ඔහු තමා..
ප්‍රභාත්2014-06-17 09:22:02
විශිෂ්ඨතම ලෝක මට්ටමේ පිතිකරුවා.... සංගා..... ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා....
ප්‍රදීප්2014-06-17 10:07:06
ඔහුට අභියෝග කරන්න කිසිවෙක් නෑ. අප දුටු විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු තමා. සංගා අපි ඔබට ආදරෙයි.
එම් පහඩ්2014-06-17 10:10:37
ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨයා ඔහුයි....
ලසන්ත කුමාර2014-06-17 10:53:40
සංගා තමයි හොඳම ක්‍රීඩකයා.... ක්‍රිකට් ලෝකයේ ප්‍රවීණයා. කවදාවත් ඉන්දියානුවන්ගේ තත්ත්වයට වැටිලා නෑ.
ප්‍රසන්න2014-06-17 11:43:59
අපි සංගව ජනාධිපති කරමු....
රංජිත්2014-09-08 19:52:57
සංගා හරිම නිහතමානී ක්‍රීඩකයෙක්

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මාව එපා නම් බෑග්එක අරගෙන ගෙදර යනවා...
2017-06-26 21:20:54
එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේ...
චන්දිමාල් එක්දින සංචිතයෙන් විසිවෙයි...
2017-06-27 21:31:21
සිම්බාබ්වේ පිලට එරෙහිව අනිද්දා (30) ගාල්ලේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකට නම් කළ 13 දෙනකුගෙන් යුත් ශ්‍රී...
ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්...
2017-06-25 17:44:33
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැප...
ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක...
2017-06-24 19:20:08
සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්...