. මැතිව්ස් පියවර දෙකක් ඉහළට | කෙළිමඬල
2017 නොවැම්බර් මස 19 වැනි ඉරිදා
මැතිව්ස් පියවර දෙකක් ඉහළට
2014-06-27 17:49:29 | .

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී පිතිකරුවකු වශයෙන් දැක්වූ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් කි‍්‍රකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ මෙතෙක් පැමිණි ඉහළම ස්ථානයට පැමිණිමට සමත්වී ඇත.  නවතම ශ්‍රේණිගත කිරීම අනුව ප‍්‍රසාද ලකුණු 761 ක් ලබා සිටින මැතිව්ස් ටෙස්ට් පිතිකරුවන් අතර 11 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටී.

එංගලන්තයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී රැස්කළ ලකුණු 160 ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ප‍්‍රසාද ලකූණු 761 ක් ලබාගැනීමට මැතිව්ස්ට උපකාරී වී තිබේ. තරගාවලිය ආරම්භ වීමට පෙර මැතිව්ස් ලබා සිටි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 706 කි.

මැතිව්ස්ට අමතරව කුමාර් සංගක්කාර ප‍්‍රසාද ලකුණු 896 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි. දෙරට අතර තරගාවලිය ආරම්භ වීමට පෙරත් කුමාර් සංගක්කාර සිටියේ ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේම වන නමුත් ඒ වන විට ඔහු සතුව තිබූ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 879 කි. එංගලන්තයට එරෙහිව එක දිගට මුහුණ දුන් ඉනිම 4 කදී ලබාගත් ශතකයත් අර්ධ ශතක 4 ත් හේතුවෙන් සංගක්කාරට ප‍්‍රසාද ලකුණු 17 ක් එක්වී තිබේ.

ප‍්‍රසාද ලකුණු 669 ක් ලබා සිටින මහේල ජයවර්ධන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 14 වැනි ස්ථානයේ රැදීසිටියි.

එංගලන්ත - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දුයවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතරට ඇතුළත්වී ඇති අතර ඔහුට හිමිවී ඇත්තේ එහි 55 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා නායක ඇජලෝ මැතිව්ස්ද පෙර සිටි ස්ථානයෙන් ස්ථාන 8 ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පන්දුයවන්නන් අතර 81 වැනි ස්ථානයට පත්ව ඇතත් රංගන හේරත් සිටි ස්ථානයෙන් පියවර දෙකක් පහළට වැටී තිබේ. එහෙත් දග පන්දු යවන්නන්ට කිසිදු සහයෝගක් නොලැබෙන එංගලන්ත ගිම්හානයේ මුල් කොටසේදී එය සාමාන්‍යය තත්ත්වයකි.

තරගාවලිය ආරම්භ වීමට පෙර ප‍්‍රසාද ලකුණු 774 ක් ලබා සිටි රංගන හේරත් තරගාවලිය අවසන් කළේ ප‍්‍රසාද ලකුණු 739 ක් ඉතිරි කරගනිමිනි. කෙසේ වෙතත් රංගන හේරත් ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ සිටින අතර ශමින්ද එරංග ප‍්‍රසාද ලකුණු 541 ක් ලබා එම ලැයිස්තුවේ 23 වැනි ස්ථානය දක්වා පැමිණීමට සමත්වී ඇත.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම
ස්ථානය  ක්‍රීඩකයා (රට) ප්‍රසාද ලකුණු 
1 ඒ. බී. ඩිවිලියස් (දකුණු අප්‍රිකාව) 922
2 කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 896
3 ශිව්නරින් චන්ද්‍රපෝල් (බ. ඉ. කොදෙව්) 878
4 හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව) 873
5 ඩේවිඩ් වෝනර් (ඕස්ට්‍රේලියාව) 871
6 මිස්බා උල් හක් (පාකිස්තානය) 824
7 චෙටේෂ්වර් පුජාරා (ඉන්දියාව) 819
8 මයිකල් ක්ලාක් (ඕස්ට්‍රේලියාව) 818
  රොස් ටේලර් (නවසීලන්තය) 818
10 විරාට් කෝලි (ඉන්දියාව) 784
11 ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) 761
12 යුනිස් ඛාන් (පාකිස්තානය) 759
13 ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව) 737
14 මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 696
15 ක්‍රිස් රොජර්ස් (ඕස්ට්‍රේලියාව) 675
16 බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) 663
17 කෙවින් පීටර්සන් (එංගලන්තය) 661
18 ඉයන් බෙල් (එංගලන්තය) 657
19 කේන් විලියම්සන් (නවසීලන්තය) 654
20 ඩැරන් බ්‍රාවෝ (බ. ඉ. කොදෙව්) 639

 

ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම
ස්ථානය  ක්‍රීඩකයා (රට) ප්‍රසාද ලකුණු 
1 ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව) 898
2 රයාන් හැරිස් (ඕස්ට්‍රේලියාව) 870
3 වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව) 865
4 මිචෙල් ජොන්සන් (ඕස්ට්‍රේලියාව) 844
5 සයිඩ් අජ්මාල් (පාකිස්තානය) 787
6 ටිම් සවුති (නවසීලන්තය) 775
7 රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව) 744
8 රංගන හේරත් (ශ්‍රී ලංකාව) 739
9 පීටර් සිඩ්ල් (ඕස්ට්‍රේලියාව) 733
10 ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) 731
11 ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) 729
12 ප්‍රාග්‍යන් ඕජා (ඉන්දියාව) 726
13 ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය) 719
14 අබ්දුර් රෙහෙමාන් (පාකිස්තානය) 705
15 කේමර් රොච් (බ. ඉ. කොදෙව්) 659
16 මෝර්නි මෝකල් (දකුණු අප්‍රිකාව) 637
17 ජුනයිඩ් ඛාන් (පාකිස්තානය) 623
18 ෂේන් ෂිලිංෆෝඩ් (බ. ඉ. කොදෙව්) 619
19 ශකීබ් අල් හසන් (බංග්ලාදේශය) 613
20 නේතන් ලයන් (ඕස්ට්‍රේලියාව) 607

036

ජයවර්ධන2014-06-28 07:11:39
එංගලන්ත සංචාරෙන් පස්සේ මැතිව්ස් පියවර දෙකක් ඉදිරියට. පාන් පිටි කිරිපිටි දෙකත් ඉදිරියට.
තිසේරා2014-06-29 05:11:56
කිරි පිටි මිල ඉහල දාල උදේ කිරි එකත් නැතුව ගියොත්, ඉස්සරහට ක්‍රීඩකයෝ නෙමෙයි පාරෙවත් යන්න පන නැති මිනිස්සු බිහිවෙයි

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අසේල ඉදිරියේ තවත් කඩුල්ලක්...
2017-11-13 21:06:52
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර ...
ලක්මාල් ඉන්දියාව අමාරුවේ දමයි...
2017-11-16 12:42:20
සුරංග ලක්මාල්ගේ අති විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කොල්කටාහි ඊඞ්න් ගාර්ඞ්න් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඉ...
පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි...
2017-11-12 18:19:44
ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින ප...
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට...
2017-11-14 20:22:48
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුක...